අද කාලේ programming projects, campus assignments, mini startups වලදී SMS service එකක් කියන්නේ ගොඩක් වැදගත් feature එකක්. OTP send කිරීම, notifications දීම, attendance alerts, reminders වගේ දේවල් වලට SMS අනිවාර්ය වෙනවා. හැබැයි SMS gateway services use කරන එකට monthly cost එකක් තියෙන නිසා students ලාට සහ beginners ලාට ඒක problem එකක් වෙනවා.
ඒත් හොඳම දේ තමයි, මේකට expensive solution එකක්ම ඕන නෑ. ඔයාගේ ගෙදර තියෙන පරණ Android phone එකක් තිබ්බොත්, ඒකෙන්ම SMS gateway එකක් හදන්න පුළුවන්. ඒක තමයි Android-SMS-Gateway කියන idea එක.
Android-SMS-Gateway කියන්නේ simple Android app එකක්. මේ app එක install කරලා phone එක on කරලා තියෙනකොට, ඒ phone එක SMS server එකක් වගේ වැඩ කරනවා. ඒ කියන්නේ ඔයාගේ system එකෙන් API call එකක් යැව්වම, phone එක ඒ SMS එක real SIM network එකෙන් send කරනවා.
සරලව කියනවා නම්, ඔයාගේ backend system එක “SMS යවන්න” කියලා request එකක් දෙනවා. ඒ request එක phone එකට යනවා. Phone එක ඒ SMS එක user එකට send කරනවා. මේක හරිම straightforward system එකක්.
මේ system එක campus projects වලට හොඳටම ගැලපෙනවා. උදාහරණයක් විදිහට, attendance system එකක් හදනවා නම්, student attendance mark වුණාම SMS එකක් automatically parent ට යවන්න පුළුවන්. ඒ වගේම library reminder system එකක්, exam reminder system එකක්, event notification system එකක් වගේ projects වලට මේක perfect.
Setup එකත් හරිම easy. Spare Android phone එකක් ගන්න, ඒකට SIM card එකක් දාලා internet connect කරන්න, Android-SMS-Gateway app එක install කරන්න. ඊට පස්සේ app එක API server එකක් වගේ run වෙනවා. ඔයාගේ computer එකෙන් හරි backend project එකෙන් හරි HTTP request එකක් යවලා SMS send කරන්න පුළුවන්.
Incoming SMS handling එකත් මේකේ වැදගත් feature එකක්. Phone එකට SMS එකක් ආවම, ඒ data එක webhook හරහා ඔයාගේ system එකට එනවා. ඒකෙන් reply system, verification system වගේ advanced things build කරන්නත් පුළුවන්.
මේ solution එකේ biggest advantage එක තමයි cost එක. Free solution එකක් වගේම තමයි, ඔයා already තියෙන phone එක reuse කරන නිසා extra hardware එකක්වත් ඕන නෑ. Students projects, learning purposes, hackathon ideas වලට මේක super useful.
හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි, මේක large scale production system එකක් නෙවෙයි. High traffic SMS sending වලට, enterprise level apps වලට commercial SMS gateways better. ඒත් small projects, campus projects, prototypes , proof-of-concept systems වලට මේක perfect fit එකක්.
-/github.com/capcom6/android-sms-gateway
උපුටා ගැනීම : Buwa Thoughts
