Switch එකක් මඟින් PC 3ක් සම්බන්ධ කිරීම.

Mic
By Mic

🛠️ කරන විදිය (Step-by-Step Guide):

පියවර 1: Switch එකක් සහ PC 3ක් තිරයට ගන්න

Packet Tracer එක Open කරලා, පහළින් ‘Network Devices’ ➔ ‘Switches’ වලට ගිහින් 2960 කියන Switch එක තිරය මැදට Drag කරන්න. ඊටපස්සේ වටෙන් PC 3ක් (PC0, PC1, PC2) තියාගන්න.

**

පියවර 2: කේබල් වලින් සම්බන්ධ කරන්න (Straight-Through Cable)

මෙතනදී වැදගත්ම දේ: වෙනස් ජාතිවල උපාංග (PC සහ Switch) සම්බන්ධ කරන්නේ Straight-Through Cable එකකින් (කළු පාට තනි ඉර තියෙන කේබල් එක).

Connections වලින් ඒක තෝරගෙන, PC වල FastEthernet Port එකයි, Switch එකේ Port එකකුයි අතර සම්බන්ධ කරන්න. (PC 3ම එහෙම Connect කරන්න).

**

පියවර 3: IP Addresses ලබා දෙන්න

දැන් PC තුනටම නම්බර් (IP) දෙන්න ඕනේ. (PC එක උඩ Click ➔ Desktop ➔ IP Configuration)

PC0 ➔ 192.168.1.1

PC1 ➔ 192.168.1.2

PC2 ➔ 192.168.1.3

(Subnet Mask එක ඉබේම 255.255.255.0 විදියට වැටෙයි)

**

පියවර 4: Ping කරලා බලමු!

දැන් කේබල් වල කොළ පාට ලයිට් පත්තු වෙනකම් තත්පර කිහිපයක් ඉඳලා, PC0 එකේ Command Prompt එකට ගිහින් ping 192.168.1.3 කියලා Type කරලා Enter කරන්න.

**

🎉 ප්‍රතිඵලය: Reply එක ආවා නම්, ඔයා සාර්ථකව Switch එකක් හරහා Network එකක් හැදුවා! ✅

අද ප්‍රායෝගික පාඩමත් ගොඩ දාගත්ත අය “Done” කියලා Comment එකක් දාගෙන යන්න! 👇 යාළුවන්ටත් Share කරන්න අමතක කරන්න එපා.

උපුටා ගැනීම: රහස් බොත්තම

Share This Article