The Boys කතාමාලාවේ 5 වන කතා සමයේ 7වන කතාංගය (S05E07) සමස්ත කතාමාලාවේම අඩුම IMDb අගයක් ලැබූ කතාංගය බවට පත්ව තිබෙනවා. Prime Video හරහා පසුගිය බදාදා නිකුත් වූ මෙම කොටස සඳහා රසිකයන්ගෙන් ඉතා මිශ්‍ර සහ විවේචනාත්මක ප්‍රතිචාර ලැබී ඇති අතර, මේ වන විට එහි IMDb අගය 6.6/10 දක්වා පහත වැටී තිබෙනවා. මීට පෙර මෙම කතාමාලාවේ කිසිදු කොටසක් 7/10 සීමාවෙන් පහළට ගොස් නොමැති පසුබිමක මෙය ඔවුන් ලැබූ විශාල පසුබෑමක් ලෙසයි සැලකෙන්නේ. (තව ඉදිරියට මෙම අගය තවත් පහල යන බවටයි අපගේ අදහස)
The Frenchman, the Female, and the Man Called Mother’s Milk ලෙස නම් කර ඇති මෙම කතාංගය මෙලෙස දැඩි විවේචන එල්ල වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කතාව අනවශ්‍ය ලෙස ඇදගෙන යාම සහ එහි සිදුවන ඇතැම් ප්‍රධාන චරිතවල හැරවුම් ලක්ෂ්‍යයන් රසිකයන් අපේක්ෂා කළ මට්ටමේ නොතිබීමයි. විශේෂයෙන්ම එළැඹෙන සතියේ විකාශය වීමට නියමිත අවසන් කතාංගය වන series finale සඳහා කතාව ගොඩනැගීමේදී මෙම කොටස filler එකක් ලෙස දැනුණු බව බොහෝ දෙනා පවසනවා.
ඇතැම් රසිකයන් මේ වන විටත් Game of Thrones කතාමාලාවේ අවසානය මෙන් The Boys කතාමාලාවේ අවසානය ද අසාර්ථක වනු ඇත්දැයි සමාජ මාධ්‍ය ඔස්සේ සිය සැකය සහ කනස්සල්ල පළ කරමින් සිටිනවා. The Boys රසිකයෙක් විදිහට ඔයාගේ අදහස මොකක්ද?
උපුටා ගැනීම : The Sri COM
