The Eyes of Ghana

Mic
By Mic

ජනප්‍රිය streamer කෙනෙක් වන IShowSpeed සිය පළමු සිනමා නිෂ්පාදනය ලෙස The Eyes of Ghana නම් වාර්තාමය චිත්‍රපටයට දායක වී තිබෙනවා.. දෙවරක් Academy Award දිනාගත් Ben Proudfoot අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය, Barack සහ Michelle Obamaගේ Higher Ground Productions සහ Breakwater Studios සමඟ එක්ව නිෂ්පාදනය කර තිබෙනවා..

ඝානාවේ හිටපු ජනාධිපති Kwame Nkrumahගේ කැමරා ශිල්පියා වූ 93 හැවිරිදි Chris Tsui Hesse විසින් ආරක්ෂා කරගත්, අප්‍රිකානු නිදහස් අරගලයේ දුර්ලභ ඓතිහාසික දර්ශන එකතුව මෙම චිත්‍රපටයේ ප්‍රධාන තේමාවයි..

2026 වසරේ “Speed Does Africa” සංචාරයේදී ඝානාව සමඟ ඇතිකරගත් සම්බන්ධතාවය මෙම ව්‍යාපෘතියට එක්වීමට Speedට බලපා තිබෙනවා. තම තරුණ ප්‍රේක්ෂකයින්ට අප්‍රිකානු ඉතිහාසය හඳුන්වා දීම මෙහි අරමුණක්..

TIFF සිනමා උළෙලේදී මුලින්ම ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය, ඇමරිකාව සහ කැනඩාව තුළ එක් රාත්‍රියක විශේෂ සිනමා ප්‍රදර්ශනයක් ලෙස තිරගත වීමට නියමිතයි.

Dinith Maleesha

Share This Article