අපි අද වෙබ් සයිට් එකක් හදනකොට වැඩිපුරම මහන්සි වෙන්නේ ඒකේ Look & Feel එක ගැනනේ. කොතනද Button එක තියෙන්නේ, මොන පාටද පාවිච්චි කරන්නේ, User ට ලේසිද කියන UI/UX කෑලි ගැන. හැබැයි පොඩ්ඩක් හිතන්න, අනාගතයේ අපි වෙබ් සයිට් වලට යන්නේ නැත්නම්? ![]()
ඔව්, AI Agents ලා කරළියට එනකොට මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
අනාගතයේදී ඔයාට බඩුවක් ගන්න ඕන වුනාම, ඔයා Daraz එකට හෝ Amazon එකට ගිහින් Scroll කර කර ඉන්නේ නෑ. ඔයාගේ Personal AI Agent ට කියනවා “මට අහවල් වැඩේට හොඳ Laptop එකක් හොයලා ඕඩර් කරන්න” කියලා.
එතකොට ඒ AI Agent ට ලස්සන UI එකක්, ඇහැට ප්‍රිය Colors, Animations වැඩක් නෑ.
එයාට ඕන වෙබ් සයිට් එකේ තියෙන Data විතරයි. එයා කෙලින්ම සයිට් එකේ Code එක, API එක හෝ Structure එක එක්ක ගනුදෙනු කරලා තත්පර ගානෙන් වැඩේ ඉවර කරනවා. AI එකට Button click කරන්න ඕන නෑ, Request යවන්න විතරයි ඕන.
මේ නිසා අනාගතයේ වෙබ් ඩිවලොප්මන්ට් වලදී “Human Readable Interfaces” වලට වඩා “Machine Readable Data Structures” වලට ලොකු තැනක් එන්න පුළුවන්. UI/UX කියන දේ මනුස්ස හැඟීම් එක්ක බැඳුණු Entertainment හෝ Art සම්බන්ධ සයිට් වලට විතරක් සීමා වෙන්නත් බැරි නෑ.
උපුටා ගැනීම: Sanjana Sandanayaka
