US Department of Defense හි Autonomous Weapon සම්බන්ධ නව නීති වලට එකඟ වීම Anthropic ආයතනය ප්‍රතික්ෂේප කරයි

Mic
By Mic

Anthropic සහ US Department of Defense අතර AI භාවිතය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇත. මීට හේතුව හමුදාවට mass surveillance සහ lethal autonomous weapons සඳහා AI භාවිතා කිරීමට ඉඩ සලසන නව කොන්දේසි ප්‍රතික්ෂේප කිරීමයි.

OpenAI, xAI සහ Google මීට එකඟ වී ඇති නමුත්, Anthropic හි acceptable use policy ඊට අවසර නොදෙයි. මේ නිසා Anthropic සමාගම supply chain risk එකක් ලෙස නම් කිරීමට Pentagon එක විසින් තර්ජනය කර ඇත.

මෙය ක්‍රියාත්මක වුවහොත් ඔවුන්ගේ ඩොලර් මිලියන 200ක contract එක අහිමි වන අතර defense contractors හටද Claude AI භාවිතය තහනම් වේ. කෙසේ නමුත්, classified තොරතුරු සඳහා අනුමැතිය ඇති එකම AI model එක Claude වීම ඔවුන්ට වාසියක් වී ඇත.

උපුටා ගැනීම : Techie Instants

Share This Article