ලොව ජනප්රියම සන්නිවේදන යෙදවුම වන WhatsApp, තමන්ගේ Apple (iOS) පරිශීලකයන් වෙනුවෙන් මෙතෙක් පැමිණි ඉතාමත් ප්රයෝජනවත් සහ සරලම යාවත්කාලීන කිරීමක් (New Update) පරීක්ෂණ මට්ටමින් නිකුත් කර තිබෙනවා! ![]()
![]()
මීට පෙර අපට යමෙකු Online සිටිනවාදැයි බැලීමට නම්, ඔවුන්ගේ Chat එක ඇතුළටම ගොස් “Online” යනුවෙන් වැටෙන තෙක් බලා සිටීමට සිදු වුණා. නමුත් මේ අලුත් Update එක හරහා වැඩේ මීට වඩා ගොඩක් ලේසි වෙනවා. මේ නවතම විශේෂාංගයේ විස්තර මෙන්න:
* Chat List එකෙන්ම Online කවුද කියා දැනගන්න! ![]()
![]()
දැන් ඔයාගේ WhatsApp Chat List එකේ සිටින මිතුරන් අතරින් ඒ මොහොතේ සජීවීව Online සිටින පුද්ගලයන්ගේ Profile පින්තූරය (DP) අසලින් කුඩා කොළ පැහැති තිතක් (Green Dot) දර්ශනය වේ.
* Messenger සහ Instagram වැනිම සුමට අත්දැකීමක්! ![]()
![]()
Meta සමාගම විසින් දැනටමත් ඔවුන්ගේ අනෙකුත් ඇප්ස් වන Messenger සහ Instagram සඳහා භාවිතා කරන මෙම සාර්ථක ක්රමය, දැන් WhatsApp iOS සංස්කරණය සඳහාත් නිල වශයෙන් අත්හදා බලමින් පවතී.
* Privacy එකට හානියක් වෙයිද? ![]()
![]()
බය වෙන්න එපා! ඔයා ඔයාගේ Last Seen & Online settings වල “Nobody” හෝ “Same as Last Seen” දමා ඇත්නම්, ඔයා Online සිටියත් අන් අයට මේ Green Dot එක දර්ශනය වන්නේ නැත.
SPS DIGITAL සටහන:
මෙම නවතම “Green Dot Online Indicator” විශේෂාංගය දැනට WhatsApp Beta (iOS) පරිශීලකයන් සඳහා පමණක් විවෘත කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ ලොව පුරා සිටින සියලුම iPhone පරිශීලකයන් සඳහා App Store හරහා නිල වශයෙන් ලබා දීමට නියමිතයි. ඉදිරියේදී Android සඳහාද මෙය පැමිණෙනු ඇත.
ඉතින් මචංලා, WhatsApp වලට ආපු මේ අලුත් Green Dot සීන් එක ගැන උඹලා මොකද හිතන්නේ? මේක ලේසියක් වෙයිද, නැත්නම් වදයක් වෙයිද? පහළින් Comment එකක් දාගෙන යමු!
හැමදාම WhatsApp පාවිච්චි කරන ඔයාගේ iPhone පිස්සු යාළුවන්ට මේ අලුත්ම ආරංචිය දැනගන්න දැන්ම Share කරන්න! ![]()
![]()
උපුටා ගැනීම : SPS Digital
