WhatsApp Business වලින් බිස්නස් දෙකක් කරන අයට, ෆෝන් දෙකක් උස්සන් යන කාලේ ඉවරයි!

Mic
By Mic

ලංකාවේ පොඩි බිස්නස් කරන අයට (SMEs) WhatsApp Business කියන්නේ ජීවිතේම වගේනෙ. Online ඇඳුම් විකුණන කෙනා, spare parts කඩේ, කේක් ඕඩර්ස් ගන්න කෙනා, ටියුෂන් ක්ලාස් කරන කෙනා… මේ හැමෝම orders, inquiries, payments කන්ෆර්ම් කරන්නේ මේකෙන්නෙ.

ඒත් බ්‍රෑන්ඩ්ස් දෙකක් හරි, නම්බර්ස් දෙකක් හරි පාවිච්චි කරන අයට තිබ්බ ලොකුම වදේ ඔයාලා දන්නවනේ. 📱 එක්කෝ ෆෝන් දෙකක් අතේ තියාගන්න ඕනෙ, නැත්නම් අර GB WhatsApp වගේ රිස්ක් එකක් තියෙන clone apps පාවිච්චි කරන්න වෙනවා.

ඇත්තටම normal WhatsApp එකේ මේ multi-account වැඩේ දැනටමත් තියෙනවනෙ. ෆෝන් දෙකක් නැතුව, ලොග් අවුට් වෙවී වද විඳින්නේ නැතුව, වැරදි එකෙන් මැසේජ් යයිද කියන බය නැතුව Accounts දෙකක් එකපාර පාවිච්චි කරන්න ඒකෙන් පුළුවන්. හැබැයි බිස්නස් කරන අයට ඕන කරන WhatsApp Business ඇප් එකට මේක දීලා තිබ්බේ නෑ මේ වෙනකම්.

හැබැයි ඔන්න දැන් ඒ අඩුවත් පිරෙනවා. WhatsApp Business ඇප් එකටත් Android වල multi-account සපෝට් එක එනවා. ඒ කියන්නේ එකම ෆෝන් එකෙන් business accounts දෙකක් රන් කරලා, ඕන වෙලාවක ඒ දෙක අතරේ මාරු වෙන්න (switch කරන්න) පුළුවන්.

🇱🇰 ලංකාවේ බිස්නස් කරන අපේ අයට මේකෙන් මොකක්ද තියෙන වාසිය?

💰 සල්ලි ඉතුරුයි: දෙවෙනි ෆෝන් එකකට කුඩු කරන්න වෙන රුපියල් දස දහස් ගාණක මුදල ඉතුරුයි. බැටරි දෙකක් චාජ් කර කර වද වෙන්න ඕනෙත් නෑ.

📱 වැඩේ පට්ට ලේසියි: බ්‍රෑන්ඩ්ස් දෙකක් තියෙන කෙනෙක්ට (හිතන්නකො ඇඳුම් බිස්නස් එකකුයි, කෑම බිස්නස් එකකුයි කියලා) දැන් වෙන වෙනම chats, වෙනම profiles තියාගන්න පුළුවන්. ඒ වගේම එකවුන්ට් එකෙන් එකට වෙන වෙනම privacy සහ notification settings හදාගන්නත් පුළුවන්.

⚠️ ආරක්ෂාව (වැදගත්ම දේ): අපේ අය ගොඩක් වෙලාවට නම්බර්ස් දෙකක් දාගන්න GB WhatsApp වගේ ඒවා පාවිච්චි කරනවනේ. WhatsApp එකෙන්ම කෙලින්ම කියලා තියෙනවා ඔයාගේ මැසේජ් 100%ක් secure සහ private වෙන්නේ official ඇප් එකේ විතරයි කියලා. Clone apps පාවිච්චි කරන එක උන්ගේ රූල්ස් වලට විරුද්ධ නිසා, එකපාරටම එකවුන්ට් එක බෑන් වෙලා යන්න හරි, ඩේටා ලීක් වෙන්න හරි පුළුවන්. Official ඇප් එකටම මේක ආවම ආයේ ඒ වගේ රිස්ක් ගන්න ඕනෙම නෑනෙ.

⚡ මේ ගැන දැනගන්නම ඕන දේවල් ටිකක්:

1️⃣ තාම තියෙන්නේ Android Beta එකට විතරයි: මේක දැනට ඇවිත් තියෙන්නේ WhatsApp Business beta for Android (2.24.27.5) අප්ඩේට් එකට. ඒකත් beta testers ලා ටික දෙනෙක්ට විතරයි. iPhone වල Business ඇප් එකට තාම ඇවිත් නෑ. හැමෝටම දෙන Stable වර්ෂන් එක එන දවසක් හරියටම කියලා නැති වුණාට, ඉස්සරහට එන සති වලදී තව අයට මේක හම්බවෙයි.

2️⃣ උපරිම Accounts දෙකයි: තුන හතරක් දාන්න බෑ, දැනට දෙකක් විතරයි පුළුවන්.

3️⃣ දෙවෙනි නම්බර් එකක් අනිවාර්යයි: Verification කෝඩ් එකෙන් confirm කරන්න ඕන නිසා, ෆෝන් එකේම දෙවෙනි සිම් එකක් හරි eSIM එකක් හරි තියෙන එක තමා වැඩේට ලේසිම.

4️⃣ පොඩි අවුලකට තියෙන්නේ මේකයි: පාවිච්චි කරන්නේ නැති (idle) account එකට මැසේජ් ආවම notification එක පෙන්නුවට, ඒවා කියවන්න නම් අනිත් account එකට switch වෙන්නම ඕනේ. පැති දෙකෙන්ම එක දිගටම මැසේජ් එන බිස්නස් එකකට නම් මේක ටිකක් වදයක් වෙන්න පුළුවන්.

✅ දැන් ඔයාට මොකක්ද කරන්න පුළුවන්?

➡️ ඔයා Beta ටෙස්ටර් කෙනෙක් නම්: WhatsApp Business ඕපන් කරලා Settings වලට යන්න. ඔයාගේ නම ළඟ “+” බටන් එකක් පේනවා නම්, අන්න වැඩේ හරි. ඒ “+” එක ටැප් කරලා දෙවෙනි නම්බර් එක ඇඩ් කරගන්න.

➡️ Beta නැති කෙනෙක් නම්: Google Play Store එකේ WhatsApp Business පේජ් එකට ගිහින් “Join the beta” ඔප්ෂන් එක තියෙනවද බලන්න. ගොඩක් වෙලාවට ඒක full වෙලා තියෙන්නේ. එහෙම වුණොත් ඉතින් ඇප් එක අප්ඩේට් කරගෙන stable රිලීස් එක එනකම් ඉවසගෙන ඉන්න වෙනවා.

➡️ දැනටමත් normal WhatsApp පාවිච්චි කරන කෙනෙක් නම්: ඔයාගේ ඇප් එකේ Settings වල නම ළඟ තියෙන ඊතලේ (arrow) එක ටැප් කරලා “Add account” බලන්න, ඒ feature එක ගොඩක් අයට දැනටමත් ඇවිල්ලා තියෙන්නේ.

➡️ Switch කරන්න ඕනේ නම්: Business ඇප් එකේ Chats ටැබ් එකේ උඩ දකුණු කෙළවරේ තියෙන මෙනු එකෙන් (overflow menu) “Switch accounts” තෝරන්න.

🛑 මොන දේ වුණත් clone apps වලට නම් යන්න එපා. Official අප්ඩේට් එක හම්බවෙනකම් ෆෝන් දෙකක් පාවිච්චි කරන එක, එකපාරටම එකවුන්ට් එක බෑන් වෙලා කෙළවෙලා යනවට වඩා කොහොමත් හොඳයි.

එකම ෆෝන් එකෙන් බිස්නස් දෙකක්! ලංකාවේ පොඩි බිස්නස් කරන අයට නම් මේක පට්ටම සහනයක් වෙයි. 🚀

උපුටා ගැනීම: Roarion

Share This Article