WordPress ආයතනය විසින් web browser එක තුළ ක්‍රියාත්මක වන my.WordPress.net නමින් නව සේවාවක් හඳුන්වා දී ඇත. මෙහිදී hosting plan හෝ domain ලියාපදිංචියකින් තොරව පහසුවෙන් site එකක් නිර්මාණය කළ හැක.
මෙම site අන්තර්ජාලයට විවෘත නොවන අතර දත්ත සියල්ල අදාළ browser storage එකෙහි පමණක් සුරැකේ. එමනිසා වෙනත් device එකකින් එයට පිවිසිය නොහැක. එහෙත් අවශ්‍ය නම් පසුව වෙනත් WordPress host එකකට මෙය මාරු කර public කළ හැක.
මෙය private writing සහ journaling වැනි පුද්ගලික වැඩ සඳහා වඩාත් සුදුසු වේ. මෙහි ඇති App Catalog සහ AI assistant පහසුකම් හරහා plug ins වෙනස් කිරීමට සහ දත්ත කළමනාකරණය කිරීමට හැකියාව ලබා දී ඇත.
උපුටා ගැනීම: Techie Instants
