වසර 24ක් පැරණි WordPress සඳහා සාර්ථක විකල්පයක් ලෙස Cloudflare සමාගම විසින් EmDash නමින් නව open source CMS එකක් හඳුන්වා දී ඇත. මෙය සම්පූර්ණයෙන්ම TypeScript භාවිතයෙන් නිර්මාණය කර ඇති අතර Astro framework එක මත ක්‍රියාත්මක වන serverless පද්ධතියකි.
WordPress හි බහුලව දක්නට ලැබෙන plugin security ගැටලු මඟහරවා ගැනීමට මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත. EmDash plugins ක්‍රියාත්මක වන්නේ වෙනම isolated sandboxes තුළ බැවින් පද්ධතියේ ආරක්ෂාව ඉතා ඉහළය.
මීට අමතරව නිර්මාණකරුවන්ට තම content සඳහා මුදල් අයකිරීම පහසු කිරීම උදෙසා x402 තාක්ෂණයද මෙහි අන්තර්ගත කර ඇත. තවද මෙය AI agents හරහා පහසුවෙන් පාලනය කළ හැකි නවීන පද්ධතියක් වන අතර දැනට පවතින WordPress sites ඉතා පහසුවෙන් EmDash වෙත import කිරීමේ හැකියාවද සපයා ඇත.
උපුටා ගැනීම : Techie Instants
