අපේ මොළය හැක් කරන ෆේස්බුක් ඇල්ගොරිතමේ අඳුරු රහස!

Mic
By Mic

අපි දවසට කී පාරක් නිකමට වගේ ෆේස්බුක් යනවා ඇත්ද? ගියේ විනාඩියකට වුණාට, පැය ගාණක් ගිහින් නේද ආයේ එන්නෙ? හැබැයි අවුලක් නෑ, ඒක උඹලගේ වැරැද්දක් නෙමෙයි. Tech Sona අපි අද මේ කියන්න යන්නේ ලෝකේ ලොකුම සෝෂල් මීඩියා කාරයෝ අපේ මොළේ තියෙන දුර්වලතා අල්ලගෙන අපිව රූකඩ වගේ නටවන ඇත්තම ගේම ගැන.

⚙️ උන්ගේ සිස්ටම් එක අපිව අල්ලගන්න හැටි

1. ඇප් එක ඕපන් කරන තත්පරේට, ෆේස්බුක් එකේ දුවන AI ඇල්ගොරිතම් එක පියවර 4ක ගේමක් ගහනවා.

2. මුලින්ම උඹලට පෙන්නන්න පුළුවන් පෝස්ට් දහස් ගාණක් එකතු කරගන්නවා.

3. ඊටපස්සේ උඹලා කලින් ලයික් කරපු දේවල්, පාවිච්චි කරන ෆෝන් එක, ඉන්න තැන වගේ දේවල් වලින් ඩේටා ගන්නවා.

4. ඊළඟට ඌ ගෙස් කරනවා උඹ මේ පෝස්ට් එකට ලයික් කරයිද, කමෙන්ට් කරයිද, නැත්නම් මගෑරලා යයිද කියලා.

5. අන්තිමට ඒ ඔක්කොම සලකලා බලලා පෝස්ට් එකට මාර්ක්ස් දෙනවා. වැඩිම ලකුණු ගන්න එක තමයි උඹලගේ ෆීඩ් එකේ උඩින්ම වැටෙන්නේ.

🎰 කැසිනෝ එකකට ගියා වගේ

සෝෂල් මීඩියා හදලා තියෙන්නේ හරියටම කැසිනෝ වල තියෙන ස්ලොට් මැෂින් වගේ බන්. අපි ෆෝන් එකේ පල්ලෙහාට යද්දී ඊළඟට මොකක් එයිද කියලා දන්නේ නෑනේ. අන්න ඒ කුතුහලය නිසා අපේ මොළෙන් ‘ඩෝපමීන්’ කියන කෙමිකල් එක එකපාරටම රිලීස් වෙනවා. ඒක නිකන් හරියටම මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙනවා වගේ වැඩක්. අර නොටිෆිකේෂන් එකක “රතු පාටින්” එකක් වැටෙද්දී අපි දුවලා ගිහින් බලන්නේ, ඒකෙන් අපේ අවධානය කෙලින්ම ඇදලා ගන්න නිසා.

💰 ඩොලර් 3-4ක බජට් එකෙන් දෙන ගේම

අපි පේජ් එකේ ඇඩ් එකක් බූස්ට් කරද්දී දවසට ඩොලර් 3ක් 4ක් වගේ පොඩි ගාණක් දැම්මත්, ෆේස්බුක් AI එක ඒ සල්ලි අපරාදේ යවන්නේ නෑ. උන් හරියටම දන්නවා ඒ වෙලාවේ ඒ ඇඩ් එක දැක්කොත් අනිවාර්යයෙන්ම ක්ලික් කරන, ඒ මානසිකත්වයේ ඉන්න ඩයල් ටික කවුද කියලා. උන් කෙලින්ම ගහන්නේ අපේ හැඟීම් වලට.

😡 තරහව විකුණන් කෑම

සතුටු හිතෙන දේවල් වලට වඩා, කේන්ති යන, මළ පනින දේවල් දැක්කම අපි ඒවාට රියැක්ට් කරනවා වැඩියිනේ. ඇල්ගොරිතම් එකට ඕනේ අපිව ඇප් එක ඇතුලේ හිරකරන් තියාගන්න. ඒ නිසා ඌ හිතාමතාම අපිව කුපිත කරවන, තරහ ගස්සන දේවල් අපිට වැඩියෙන් පෙන්නනවා.

🧠 උඹේ හිත කියවන AI එක

මේක තමයි බයම හිතෙන සීන් එක.. උඹලා ෆේස්බුක් එකේ දාන ලයික්ස් 300ක් විතර දිහා බලලා, උන්ගේ AI එකට පුළුවන් උඹලගේ චරිතේ ගැන උඹලගේ ගෑනිට/මිනිහට වඩා හොඳට කියන්න. මේ ඩේටා වලින් උන් අපේ ප්‍රොෆයිල් එකක් හදලා, අපි මොකක් හරි තීරණයක් ගන්න කලින්ම අපි මොකක් කරයිද කියලා උන් කලින්ම දන්නවා.

අපි හිතන්නේ අපි අපේ කැමැත්තට ෆෝන් එක ඔබනවා කියලා. හැබැයි ඇත්තම කතාව තමයි, ලෝකේ තියෙන දරුණුම AI එකක් තත්පරෙන් තත්පරේට අපේ මොළේ කන්ට්‍රෝල් කරනවා. මේ උගුලෙන් බේරෙන්න තියෙන එකම විදිහ මේක වැඩ කරන හැටි දැනගෙන ඉන්න එක විතරයි.

TECH SONA

Share This Article