Digital Eye Strain

IT field එකේ වැඩ කරන අපි දවසකට පැය 8, 10, 12 ක් screen එකක් දිහා බලන් ඉන්නවා. Coding, Designing, Meetings, Social Media Management, Video Editing, Researching… ඔක්කොම screen එකක් ඉස්සරහ.
ඒත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි මේක නිසා “Digital Eye Strain” කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියන එක.
දවස අවසානයේ ඇස් රතු වෙනවාද?
හිසරදයක් එනවාද?
ඇස් වියළෙනවා වගේ දැනෙනවාද?
Screen එක දිහා බලලා ටික වෙලාවක් ගියාම focus කරන්න අමාරුද?
මේ ඔක්කොම Digital Eye Strain වල common symptoms.
“අද ටිකක් මහන්සියි” කියලා අපි හිතුවට, දිගටම මේ තත්ත්වය නොසලකා හැරියොත් දෛනික ජීවිතයටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්.
නිතර හිසරදය
ඇස් වල අපහසුතාවය
Screen එකක් දිහා දිගට බලන්න අමාරු වීම
වැඩ වල productivity අඩු වීම
නින්දේ ගැටලු ඇති වීම
IT කරන අයට මේක වැඩිපුර බලපාන්නෙ ඇයි?
Blink කරන ප්රමාණය අඩු වෙනවා
පැය ගණන් screen එක දිහා බලන් ඉන්නවා
Dark rooms වල වැඩ කරනවා
Mobile + Laptop + Monitor තුනම use කරනවා
Break ගන්න අමතක වෙනවා
විශේෂයෙන් ලංකාවේ ගොඩක් අය WFH කරන නිසා, Freelancing කරන නිසා, රෑ වෙලා වැඩ කරන නිසා සහ වැඩ කරන අතරේ phone එකත් නිතර use කරන නිසා screen exposure එක තවත් වැඩි වෙනවා.
මේකෙන් බේරෙන්න පුළුවන් ලේසි ක්රම කිහිපයක් තියෙනවා.
20-20-20 Rule
විනාඩි 20කට සැරයක් අඩි 20ක් විතර ඈත තියෙන දෙයක් තත්පර 20ක් බලන්න.
Screen Brightness හදාගන්න
කාමරේ light එකට ගැලපෙන විදියට brightness set කරන්න.
Night Mode / Blue Light Filter
රෑට වැඩ කරනවනම් enable කරගන්න.
හොඳ Sleep Pattern එකක් තියාගන්න
ඇස් recover වෙන්න නින්ද ගොඩක් වැදගත්.
Regular Breaks ගන්න
පැයකට සැරයක්වත් නැගිටලා ටිකක් ඇවිදින්න.
අපි career එක build කරනවා වගේම health එකත් protect කරගන්න ඕනි.
අපේ ඇස් දෙක protect කරගන්න පුරුදු වෙමු. ![]()
උපුටා ගැනීම : Udesha Wijewardana
