අහසින් පියාඹන, කරනම් ගහන ඊලොන් මස්ක් බොසාගේ අලුත්ම Tesla Roadster රකුසා

Mic
By Mic

⠀

අවුරුදු 9ක් තිස්සේ එනවා කිය කියා කල් දාපු Tesla Roadster සුපිරි කාර් එක ඊයේ ටෙක්සාස් (Waco, Texas) වල තියපු ඉවෙන්ට් එකකදී ඊලොන් මස්ක් ලෝකෙටම පෙන්නුවා. හැබැයි මේක සාමාන්‍ය කාර් රිලීස් එකකට වඩා තනිකරම හොලිවුඩ් ෆිල්ම් එකක ස්ටන්ට් ෂෝ එකක් වගේ වැඩක්..

⠀

🚀 1. උඩුයටිකුරුව ගිහින් අහසේ ගහපු Kick-flip එක!

මුලින්ම මේ කාර් එක තට්ටු ගාණක් උස කෙළින් තියෙන රෑම්ප් එකක් දිගේ උඩටම ගිහින්, උඩුයටිකුරුව ධාවනය කරලා පෙන්නුවා. කාර් එක බිමට නොවැටී පාරටම ඇලිලා තියාගන්නේ මේකේ යට හයි කරලා තියෙන SpaceX ෆෑන් සිස්ටම් එකකින් හදන 2G ක විතර පට්ටම චූෂණ බලයකින්. ඊළඟට Tesla Model 3, Model Y, Cybertruck, Semi සහ Cybercab පෝලිමකට නවත්තලා තියෙද්දී, මේ Roadster එක ඒ ඔක්කොම වාහන වලට උඩින් අහසින් පියාඹලා ගිහින් අහසේදීම කරණමක් ගහලයි ආයේ බිමට බැස්සේ,,

⠀

💨 2. රොකට් ඉන්ධන නැතුව පියාඹන්නේ කොහොමද?

මේකට වෙනම රොකට් ඉන්ධන ඕනේ නෑ. කාර් එක ඇතුළේ තියෙන ලීටර් 600ක අධි-පීඩන වායු ටැංකි දෙකක (කිලෝ 250ක විතර සම්පීඩිත වාතය) බලයෙන් වැඩ කරන Nozzles 10ක් හරහා තමයි මේක රොකට් එකක් වගේ අහසට ඉස්සෙන්නේ. ඒ වායු ටැංකි කාර් එකටම ඉබේම ආයේ රීචාජ් කරගන්නත් පුළුවන්.

⠀

⚡ 3. තත්පර 0.81 ක වේගය සහ ජෙට් ඩිසයින් එක!

ඇහිපිය ගහන සැනින්, ඒ කියන්නේ තත්පර 0.81 ක් වගේ පට්ටම පොඩි කාලයකින් පැයට සැතපුම් 60 (0-60mph) වේගයකට යන්න මේකට පුළුවන් වුණා! මස්ක් කියන්නේ ඉස්සරහට මේක ශබ්දයේ වේගයෙන් භාගයක් (Mach 0.5) වෙනකම්වත් වේගවත් කරන්න ඕනේ කියලයි. ලෝකේ වේගවත්ම ඔත්තු බලන යානයක් වුණ SR-71 Blackbird ජෙට් එකේ ආභාෂයෙන් තමයි මේක හදලා තියෙන්නේ. ආසන දෙක කෙළින්ම චැසියටම හයි කරලා තියෙන අතරේ, සුක්කානම සහ බ්‍රේක් ඔක්කොම වැඩ කරන්නේ වයර් හරහා සිග්නල් යන Steer-by-wire තාක්ෂණයෙන්.

⠀

💰 4. පොලී නැතුව ගත්තු කෝටි ගණන් ණය (මස්ක්ගේ කපටි ගේම)!

කාර් එක පියාඹනවා දැක්කම කොල්ලොන්ට පිස්සු හැදුණට, මේක ඇතුළේ තියෙන ඩාර්ක් බිස්නස් ගේම ගැන The Verge රිපෝට් එකෙන් රෙදි ගැලවෙන්නම කියලා තියෙනවා. මස්ක් මුලින්ම මේ කාර් එක ගැන කිව්වේ 2017 දී (2020 දී දෙනවා කියලා). එදා මේක බුක් කරන්න එක මනුස්සයෙක්ගෙන් ඩොලර් 50,000 ගාණෙත්, Founders Series එකට ඩොලර් 250,000 ගාණෙත් Tesla එකෙන් සල්ලි එකතු කරා. බලන් ගියාම මස්ක් කරලා තියෙන්නේ කාර් එක පෙන්නලා, මිනිස්සුන්ගේ සල්ලි අවුරුදු 9ක් තිස්සේ පොලී නැති ණයක් විදිහට තියාගෙන උන්ගේ වෙන වැඩ කරගත්ත එකයි!

⠀

🛑 5. මේක ඇත්තටම පාරට එයිද, නැත්නම් තවත් මායාවක්ද?

විනාඩි 30ක්වත් නොතිබ්බ මේ ඉවෙන්ට් එකේදී කාර් එකේ ගාණ කීයද කියලවත් කිව්වේ නෑ. 2028 දී හදන්න පටන් ගන්නවා කිව්වට, මස්ක්ම කියන විදිහට “ආරක්ෂාව ගැන ලොකුවට හිතලා නැති” මේ වගේ රොකට් කාර් එකකට ගුවන් හා මාර්ග ආරක්ෂක ආයතන (FAA / NHTSA) වලින් පාරේ යන්න අවසර ලැබෙයිද කියන එකත් ලොකු සැකයක්. Tesla ලා අවුරුදු 9ක් තිස්සේ 3D ෆොටෝ පෙන්න පෙන්න ඉද්දී, Rimac (Nevera), Porsche (Taycan) සහ චීනයේ BYD වගේ කම්පැනි ඇත්තටම සුපිරිම Electric Hypercars හදලා මාකට් එක අල්ලලා ඉවරයි. ගොඩක් අය කියන්නේ මේ පියාඹන කාර් සංදර්ශනය කියන්නේ ඉස්සරහට Tesla සහ SpaceX කම්පැනි දෙක එකතු කරන්න මස්ක් හදන මාකටින් පාරක් විතරයි කියලයි.

⠀

මොනවා වුණත් කාර් එකක් අහසින් පියාඹලා කරණමක් ගහනවා ඇස් දෙකට දකින එක නම් පට්ටම පිස්සුවක් බං! උඹලට මොකද හිතෙන්නේ? 2028 දීවත් මේ පියාඹන කාර් එක ඇත්තටම මිනිස්සුන්ට ගන්න ලැබෙයිද, නැත්නම් මේකත් මස්ක්ගේ තවත් එක ෂෝ එකක් විතරක් වෙයිද?

TECH SONA

Share This Article