උබලා හැමෝම හිතාගෙන ඉන්නේ WhatsApp කියන්නේ End to End Encrypted නිසා 100% Safe කියලා නේද? ඔව් මාත් එහෙම තමයි. ![]()
හැබැයි පොඩි කෙස් එකක් එලියට ඊයේ ඇවිත් තියෙනවා. Mysk කියන iOS security researchers ලා සෙට් එකක් හොයාගෙන තියෙනවා WhatsApp issue එකක්.!
මේක ඇත්තටම chat encrypted (E2EE) ගැන ප්රශ්නයක්.!
සරලවම කිව්වොත්, WhatsApp වලින් උබලා එළිවෙනකම් සුදු නෝනලා, සුදු මහත්තුරු එක්ක චැට් කරනකොට ඒ Message Encrypt වෙලා ගියාට, ඔයාගේ Device එකට ඒක ආවට පස්සේ Decrypt වෙලා Local Storage එකේ Save වෙන්නේ කිසිම Encryption එකක් නැතුව Plaintext විදිහට කියලා දැනන් හිටියද? නැනේ. මම දන්නෙත් ඊයේ. ![]()
ඔව්වා නම් මොනාද නේද බං.! message එක send වෙලා status එකක් වැටුනා නම් ඇතිනේ.
දැන් මේ message එක same time send කරලා ඒ වෙලාවේම දෝණී seen කරේ නැති උනාම හිතන්නෙපා මේකටත් කෙලවිලා කියලා. ඒක වෙන අව්ලක්..!
Researchers ලා කියන විදියට ongoing issue එකක් කියලා තමා කියන්නේ. කටිටියට මතක නම් මේ වගේම කෙස් එකක් පහුගිය ටිකෙත් උනා. මේකේ impact එක වැඩියෙන්ම බලපාන්නේ Apple Ecosystem එකට. ඒ කියන්නේ macOS සහ iOSවලට.
මේකේ අවුල WhatsApp වල Local Storage එකේ වුණාට, මේකෙන් වෙන ලොකුම Impact එක වෙන්නේ Meta සමාගමේ අනිත් Apps වලටත් මේ Data ගන්න පුළුවන් එක.
ඇයි කිව්වොත් , Apple වල තියෙන “App Group Container” එක හින්දා , WhatsApp වල තියෙන Container එකටම Facebook, Instagram වගේ අනිත් Meta Apps වලටත් Access තියෙනවා.
කෙටියෙන් කිව්වොත් ඉතින් Facebook එකට පුළුවන් WhatsApp Chat Database එකම කියවන්න. මාක් අයියත් නේද ඉතින්?
උට පිස්සු හැදෙන්නේ සිංහල එහෙම පුළුවන් උනොත්. ![]()
කොහොම උනත් මේකෙන් කියන්නේ නෑ අතර මැදින් කවුරුහරි උබලගේ Chats Hack කරලා බලයි කියලා. ඒ වගේ තැන වලදී End to End Encryption තාම වැඩ.
හැබැයි කේස් එක තියෙන්නේ Device එකට කාටහරි Physical Access එකක් හම්බවුණොත්, එහෙම නැත්නම් Device එකට මොකක් හරි Malware එකක් ආවොත්, Hacker කෙනෙක්ට ඔයාගෙ Chats ටික උස්සන්න පුළුවන්.
වේලෙන් whatsapp වල chat ගත්තත් මොකද බං ![]()
මේකට Regularly iOS, macOS වල එන update බලලා දාගන්න.
ඔය මොකුත් නැතුව හිර වේවි හරි windows use කරන අය තමා සුපිරිම ! ![]()
safe online ![]()
උපුටා ගැනීම : Dilsara Sandun
