ඔයාගෙ LinkedIn හැක් වෙනවද?

Mic
By Mic

හැක් වෙනවද අහන්නෙපා මෙච්චර මේ CBSL එකටත් වැඩේ දුන්නා නම් මේ මේ Account මොනාද? හෙට මගේ වෙන්න පුළුවන් , ඔයාගේ වෙන්න පුළුවන් 🤌🏻

එක නෙමේ ප්‍රශ්නේ. මහන්සියෙන් තමන් හදාගත්ත දෙයක් නැති වෙලා යනකොට අව්ල් මචං.

⚠️ LinkedIn ගිණුම් Hack වෙන්න පුළුවන් ක්‍රම මොනවද?

Fake Job Offers, Password Reuse, Malicious Browser Extensions..

ඉතින් මිට අමතරව වෙන ක්‍රමයක් ගැන කියන්නම්. 🚀

LinkedIn එක, Facebook එක විතරක් නෙමෙයි, Banking පවා මේකෙන් Hack වෙන්න පුළුවන්.

මේකට කියන්නේ “Credential Harvesting” කියලා !

සරලවම කිව්වොත්, මේක Phishing වල ඊළඟ Level එක.

කරන්නේ කොහොමද කියලා අහන්නෙපා 🥹 CS student කෙනෙක් නම් හොයලා බලන්න.

මේවා කරන්නේ ගොඩක්ම Open-source tools පාවිච්චි කරලා. මේකට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන Repositories වෙනම තියෙනවා. මේවා Use කරන ගැන Ethically බලන්න.

Repo මේකේ දන්නා බැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් Try on net or DM. Reccomand කරන්නේ හොයලම බලන්න.

Open-source tools විතරක් කරන්න බැහැ. මෙතනදී Ngrok Invole වෙනවා. 🤝

Ngrok වලින් කරන්නේ Ha*cker ගේ Computer එකේ තියෙන Local server එක,worl-wide Access කරන්න පුළුවන් Public Link එකකට (Tunnel එකක්) convert කරන එක. ඒ Link එක තමයි ඔයාට WhatsApp, Email හරහා එවන්නේ.

ඉතින් මේ ලින්ක් එක ඇත්තටම original original site යන්නේ නැහැ. ඒකෙම Clone එකකට, ඔයා ඒක ඇත්තම Site එක කියලා හිතලා ඔයාගේ Username සහ Password ගැහුවොත්, ඒ විස්තර කෙලින්ම යන්නේ Ha*cker ගේ Server එකට!

මේක depend වෙනවා ඔයා භාවිත කරන tool එක මත.

කෙනෙක් තර්ක කරන්න පුළුවන් 2FA තිබ්බොත් අව්ලක් නැනේ කියලා. ඔව්.. !

සාමාන්‍ය Zphisher එකකදී නම් 2FA අව්ලක් නැහැ.

මේකේ තියෙන Advanced tool භාවිතා කරොත් Session Cookie එකත් එකක් එක්ක යන්නේ. එකට කියන්නේ AiTM කියලා. එකට 2FA එක අදාළ නැහැ. 🫵🏻

මේවා නතර කරගන්න Browser එකේ Address bar එකේ URL එක බලලා අනිවරෙන් verify කරගන්න.

Account වලට 2FA, passkeys setup කරලා තියාගන්න. 🫡

ඇත්තම කතාව ඉතින් තමන් මෙච්චර කල් ගොඩ නගපු දෙයක් එක පාරින් නැති වෙන එක නම් අවලා. specially linkedin වගේ proffesional profiles. ( including FB,Insta,ect)

අයේ recover කරන්න නටන්න ගියාම එපා වෙනවා. සමහරු බැරිම තැන අතැරලා දානවා ඉතින්. 🥲

Disclaimer ⚠️

This is only for your educational purposes and awareness! Not any illegal activities 🤝

Safe online 🫡

උපුටා ගැනීම : Dilsara Sandun

Share This Article