ගොඩක් අය මඟබලන් හිටපු Claude Fable 5 ආයෙමත් එන ලකුණු.

Mic
By Mic

ඔයාත් නිතරම AI පාවිච්චි කරන කෙනෙක් නම් මේක ගොඩක් වැදගත් ආරංචියක් වෙයි. පහුගිය කාලයේ නවත්වලා තිබුණ Claude Fable 5 ඉදිරි දවස් කිහිපය ඇතුළත ආයෙමත් අපිට පාවිච්චි කරන්න ලැබෙන බවට දැන් ඉඟි පළවෙලා තියෙනවා.

බදාදා සෝල් නුවර තිබුණ විශේෂ මාධ්‍ය හමුවකදී Anthropic සමාගමේ Managing Director of International වෙන Chris Ciauri මේ බව තහවුරු කළා. එයා පැහැදිලිවම කිව්වේ මේ Models ඉදිරි දවස් කිහිපය ඇතුළත ආයෙමත් ලබාදෙන්න පුළුවන් වෙයි කියලා එයාලට ලොකු විශ්වාසයක් තියෙනවා කියලයි.

ඉතින් මේ ආරංචියත් එක්ක අලුත් Features සහ Updates එක්ක අපිට ඉක්මනින්ම වැඩ පටන්ගන්න පුළුවන් වෙයි. මේ ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් කමෙන්ට් කරන්න.

උපුටා ගැනීම : Shalinda Jayasinghe

Share This Article