තමන්ට අලුතින් ගන්න ඕන කරන ලැප්ටොප් එකේ Lid එක,

Mic
By Mic

මත වෙළඳ දැන්වීම් සඳහා ඉඩ වෙන්දේසි කරලා, දවසක් යන්නත් කලින් සම්පූර්ණ ලැප්ටොප් එකටම අවශ්‍ය මුදල හොයාගන්න පුළුවන් වුණොත් කොහොමද..?

අන්න ඒ වගේ අමුතුම විදියේ Viral අදහසක් ප්‍රායෝගිකව සාර්ථක කරගන්න ප්‍රංශයේ Indie Developer කෙනෙක් වන වින්සන්ට් (@VynseDev) සමත්වෙලා තියෙනවා..

පසුගිය වසර එකහමාරකට වැඩි කාලයක් පැරණි Hardware උපකරණ භාවිත කරමින් SaaS සහ iOS Apps නිර්මාණය කළ වින්සන්ට්ට, Swift Development සඳහා අලුත්ම MacBook Pro එකක් මිලදී ගැනීමට යුරෝ 2,529ක පමණ මුදලක් අවශ්‍ය වුණා..

තමන්ගේ Apps වලින් ලැබෙන ආදායම එකතු වනතුරු නොසිට, ඔහු කළේ අනාගතයේ මිලදී ගැනීමට නියමිත ලැප්ටොප් එකේ පිටුපස කවරයේ ඇති ඉඩ ප්‍රමාණය Stickers 10ක් වෙනුවෙන් Ad Spaces ලෙස වෙන් කර BrandMyMac [.] com නමින් දින 14ක Auction එකක් ආරම්භ කිරීමයි..

Apple ලෝගෝ එකට ආසන්නයෙන් සහ ඉහළින් පිහිටි Zones සඳහා වැඩි ඉල්ලුමක් නිර්මාණය වූ අතර, ජයග්‍රහණය කරන Sponsorsලාගේ Die-cut vinyl stickers අදාළ ලැප්ටොප් එකේ අලවා ඔහු යන එන Cafés, Coworking spaces, Events මෙන්ම ඔහුගේ Social Media පෝස්ට් හරහාද ප්‍රදර්ශනය කරන බවට ඔහු එකඟ වුණා..

Bidding එක ආරම්භ වෙලා පැය 24ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔහුගේ X post එක Impressions මිලියනය පහුකළ අතර, බලාපොරොත්තු වූ ඉලක්කයද ඉක්මවා යමින් වෙබ් අඩවිය හරහා යුරෝ 2,788 කට (110%) අධික මුදලක් එකතු කරගැනීමට ඔහුට හැකිවුණා..

ලැප්ටොප් එකක් ගන්න අවශ්‍ය වූ විට කළ මෙම නිර්මාණශීලී අදහස කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත්, තමන්ගේ මැක් පරිගණක සඳහාද මෙවැනිම ක්‍රමවේදයක් අවශ්‍ය අනෙකුත් Creatorsලා වෙනුවෙන් වින්සන්ට් මේ වන විට Waitlist එකක් පවා හඳුන්වා දී තිබෙනවා..

ඔහු මේ සඳහා BrandMyTesla එකෙන් inspired වෙලා තියෙන අතර මේ වෙද්දි BrandMySuitcase ලෙසද තව කෙනෙක් මේ වගේම දෙයක් පටන් ගෙන තියෙනවා…

(මේ වෙද්දි BrandMy……. කියලා ගොඩක් ඒවා තියෙනවා)

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article