නෙදර්ලන්තයේ Amsterdam නුවර Microsoft සඳහා,

Mic
By Mic

ඉදිකරමින් පවතින Data Centre ව්‍යාපෘතියකට එරෙහිව නොවැම්බර් 6 වැනිදා දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. විරෝධතාකරුවන් සියයකට වැඩි පිරිසක් ඉදිකිරීම් භූමියට ඇතුළු වූ අතර, ඇතැමුන් ඉදිකිරීම් දොඹකරවලට නැඟ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළා. පොලිසිය සමඟ ඇතිවූ ගැටුම්වලින් පසුව අනවසරයෙන් භූමියට ඇතුළුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 150ත් 200ත් අතර පිරිසක් රඳවාගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම විරෝධතාව AI Data Centres ඉදිකිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා රටවල් 16ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ Stop Dirty Data Centres ව්‍යාපාරයේ කොටසක්. AI සඳහා අවශ්‍ය දැවැන්ත පරිගණක පද්ධති නිසා විදුලිබල හා ජල පරිභෝජනය ඉහළ යාම, පාරිසරික බලපෑම් සහ ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතා නොසලකා හැරීම විරෝධතාකරුවන්ගේ ප්‍රධාන චෝදනා අතර වෙනවා. Microsoft සමාගම සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට ගරු කරන බවත්, නීතිවිරෝධී හෝ ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියා අනුමත නොකරන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

Red Bunny

Share This Article