⠀
සාමාන්‍යයෙන් අපි හිතන්නේ ෆෝන් එකක් පරණ වෙන්න වෙන්න ඒකේ ගාණ බහිනවා කියලනේ? හැබැයි 2026 තුන්වෙනි කාර්තුවේ වෙළඳපොළ දත්ත එළියට දාපු අලුත්ම Assurant වාර්තාවට අනුව, ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ පරණ ෆෝන් වල Trade-In වටිනාකම සෑහෙන්න ඉහළ ගිහින් තියෙනවා.
⠀
සීන් එක මේකයි. ඇමරිකාවේ පරණ ෆෝන් දීලා අලුත් ෆෝන් ගන්න මිනිස්සු ගාණ ගිය අවුරුද්දට වඩා අඩු වෙලා තියෙනවා (කොරෝනා කාලේ ඇරුණම, 2017න් පස්සේ Trade-in වලින් ලැබුණු මුළු මුදල අඩු වුණ පළවෙනි පාර තමයි මේ—ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 1.59 ඉඳන් මේ පාර ඩොලර් බිලියන 1.53ට බැහැලා). හැබැයි පරණ ෆෝන් මාකට් එකට එන එක අඩු වෙද්දීම, ඒ ෆෝන් වලට ගෙවන සාමාන්‍ය ගාණ පට්ට විදිහට වැඩි වෙලා.
⠀
ගණන් වැඩි වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි:
Android ෆෝන්: සාමාන්‍ය Trade-In වටිනාකම 27%කින් ඉහළ ගිහින් (සාමාන්‍යයෙන් ඩොලර් 112ක් දක්වා)
iPhones: සාමාන්‍ය Trade-In වටිනාකම 18%කින් ඉහළ ගිහින් (සාමාන්‍යයෙන් ඩොලර් 171ක් දක්වා)
වැඩියෙන්ම Trade-In වෙන ෆෝන්: මේ වාර්තාවට අනුව iPhone 13 පහු කරගෙන වැඩියෙන්ම Trade-in වෙන ෆෝන් එක විදිහට iPhone 14 උඩට ඇවිත් තියෙනවා වගේම, iPhone 15 Pro Max එකත් Top 5 ඇතුළට ඇවිත්. Android පැත්තෙන් තාමත් අංක 1ට ඉන්නේ Galaxy S23 Ultra එක.
⠀
පරණ ෆෝන් වලට එකපාරම මෙච්චර ඉල්ලුමක් ආවේ ඇයි?
මේකට ප්‍රධාන හේතු 3ක් බලපාලා තියෙනවා:
1. මිනිස්සු පරණ ෆෝන් ගොඩක් කල් පාවිච්චි කරන එක: දැන් හැම අවුරුද්දෙම අලුත් ෆෝන් මාරු කරන්නේ නැතුව මිනිස්සු තමන්ගේ පරණ ෆෝන් එකම අවුරුදු 3-4ක් තියාගෙන ඉන්න නිසා, මාකට් එකට එන Used ෆෝන් ප්‍රමාණය අඩු වෙලා.
2. RAM හිඟය: මේ දවස්වල ලෝකෙම තියෙන RAM හිඟය නිසා අලුත් ෆෝන් නිෂ්පාදන වියදම ඉහළ ගිහින්, අලුත් ෆෝන් වල ගණන් අහස උසට නැගලා.
3. Used ෆෝන් වලට තියෙන ඉල්ලුම වැඩි වීම: අලුත් Flagship ෆෝන් වල ගණන් දරාගන්න අමාරු නිසා, අඩු ගාණකට හොඳ ටෙක්නොලොජි එකක් ගන්න ගොඩක් අය දැන් Pre-owned (Used) ෆෝන් හොයනවා.
⠀
ලංකාවේ අපිටත් මේ කතාව 100%ක්ම අදාළයි බං!.. දැන් අලුත්ම Flagship ෆෝන් එකක් ගන්න ගියාම ලක්ෂ 4-5 පනින නිසා, ගොඩක් උන් අතේ තියෙන පරණ ෆෝන් එකම පරිස්සම් කරගෙන පාවිච්චි කරනවා නැත්නම් හොඳ Used Flagship එකකට යනවා.
⠀
උඹ දැන් පාවිච්චි කරන ෆෝන් එක අරන් අවුරුදු කීයක් වෙනවද බං? ළඟදී මාරු කරන්න අදහසක් තියෙනවද, නැත්නම් කැඩිලා කුඩු වෙනකම්ම ඕකම පදිනවද?
TECH SONA
