භෞතික ලෝකය තුළ Robots,

Mic
By Mic

ක්‍රියාත්මක කිරීම සඳහා Google DeepMind විසින් නොවැම්බර් 10 වැනිදා Gemini Robotics 2.5 නමින් නව AI Model එකක් හඳුන්වා දී තිබෙනවා. ආහාර බෙදාදීම, තෑගි පෙට්ටිවල රිබන් ගැටගැසීම සහ සියුම් උපකරණ භාවිත කිරීම ඇතුළු විවිධ කාර්යයන් 200කට වැඩි ප්‍රමාණයක් ආශ්‍රිතව මෙම තාක්ෂණයේ හැකියාවන් පරීක්ෂා කර තිබෙනවා. පෙර පරීක්ෂණ මට්ටම්වලට සාපේක්ෂව කාර්යයන් අනුව සාර්ථකත්වය 30% සිට 100% දක්වා වැඩිවීමක් සහ කාර්යයන් සම්පූර්ණ කිරීමේ වේගය 20% සිට 30% දක්වා වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

ජර්මනියේ සහ හංගේරියාවේ Mercedes-Benz මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවල සිදුකළ අත්හදා බැලීම්වලදී Gemini Robotics 2.5 තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Apptronik Apollo 2 Humanoid Robot, මෝටර් රථ කොටස් වර්ගීකරණය සහ ඇසුරුම් කිරීමේ කාර්යයන් සඳහා 96%ක සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා. Google පවසන්නේ Gemini 4 Argon මඟින් සිදුකළ Robotics පර්යේෂණද මෙම සංවර්ධනය වේගවත් කිරීමට උපකාරී වූ බවයි. දැනට නව Model එක Google හි Robotics හවුල්කරුවන් සඳහා නිකුත් කරමින් පවතිනවා.

Red Bunny

Share This Article