මනුස්ස මොළය Computer එකකට Upload කරන්න පුළුවන්ද?

Mic
By Mic

පෙරළිකාර අදහසක් එක්ක හිටපු MIT හි පර්යේෂකයෙක් වන Isaak Freeman තමන්ගේ PhD එකත් නවත්තලා, “මනුස්ස මොළය සම්පූර්ණයෙන් digital form එකකට upload කරන්න” කියන ultimate moonshot එක පස්සේ යනවා.

ඔහුගේ plan එක අමුතුම level එකක. Worm එකක neurons 302ක් තියෙන brain එක emulate කරන තැනින් පටන් අරගෙන, neurons බිලියන 86ක් තියෙන මනුස්ස මොළයක් simulate කරන්න අවුරුදු 10ක් ඇතුළත උත්සාහ කරනවා. ඒකට අවශ්‍ය වෙයි කියලා ඔහු කියන්නේ 50,000ක් වගේ NVIDIA H100 GPUs සහ ඩොලර් බිලියන 10ක්.

අද වෙනකොට brain scanning technology එක ඉතා වේගයෙන් ඉදිරියට ගිහින්. Connectomics කියන field එකෙන් neurons එකිනෙකට connect වෙන හැටි map කරන්න පුළුවන් වෙලා තියෙනවා. Human brain එකක් emulate කරන්න biggest blocker එක කියලා දැන් හඳුනාගෙන තියෙන්නේ compute power නෙවෙයි — brain එක scan කරන්න ඕන advanced electron microscopes සහ ඒවාගේ speed එක.

Research වලට අනුව, current supercomputers දැන් exaflop level compute power එකට ලඟා වෙලා. ඒ කියන්නේ තත්පරයකට calculations බිලියන බිලියන ගණනක් කරන්න පුළුවන්. Human brain emulation එකට අවශ්‍ය compute එක simulation detail එක අනුව වෙනස් වෙනවා — සමහර estimates වලට 10^18 FLOPS වගේ power එකක් අද already possible level එකට ලඟයි කියලා හිතනවා.

ඒත් තවමත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොළයේ structure එක scan කළා කියලා පමණක් මතක, හැඟීම්, personality, fears, dreams, habits වගේ දේවල්ත් ඒකෙන් recover කරන්න පුළුවන්ද කියන එක තවම unclear. Brain එකේ neuron connections විතරක් නෙවෙයි, chemicals, timing patterns, electrical signals, memories encode වෙන විදිහත් capture කරන්න වෙයි. ඒක තමයි hardest part එක.

අනිත් පැත්තෙන් බලද්දී, AI hardware growth එක ඉතා වේගවත්. අද දැනටත් AI companies ලක්ෂ ගණනක GPUs use කරන data centers build කරනවා. ඒ නිසා 50,000 H100 GPUs කියන එක අනාගතයේ impossible target එකක් වගේ නෙවෙයි.

හැබැයි biggest question එක technology එක නෙවෙයි.

ඔයාගේ mind එක perfectly copy කරලා digital body එකකට දාලා run කළාම… ඒක ඇත්තටම “ඔයා” ද? නැත්නම් ඔයා වගේ හිතන වෙනම entity එකක් ද? 😵

උපුටා ගැනීම : Buwa Thoughts

Share This Article