AI ලෝකය හොල්ලන තවත් දැවැන්ත ආරංචියක් ගැනයි මේ කියන්න යන්නේ. ලෝක ප්රසිද්ධ Chipmaker සමාගමක් වෙන Nvidia, OpenAI වෙනුවෙන් ඩොලර් බිලියන 105 ක දැවැන්ත Guarantee එකක් ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා.
මේ මුදල් යොදවන්නේ Ohio වල හැදෙන දැවැන්ත Data Center එකක් Lease කරගන්න OpenAI එකට උදව් කරන්නයි. මේ Data Center Project එක Develop කරන්නේ SoftBank එකට අයිති SB Energy සමාගම විසිනුයි.
Nvidia ඉතිහාසයේ Infrastructure Financing වෙනුවෙන් ගත්ත ලොකුම තීරණයක් විදිහටයි මේක සලකන්නේ. ඉතින් මේ දැවැන්ත Project එක නිසා ඉදිරියේදී AI තාක්ෂණය තවත් මොන වගේ අලුත් තැනකට යයිද? මේ ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් Comment කරන්න.
උපුටා ගැනීම : Shalinda Jayasinghe
