සිංගප්පූරුවේ National University of Singapore (NUS) Medicine, data-centre operator DayOne සහ Australian biotech සමාගමක් වන Cortical Labs එක්ව ජීවමාන මිනිස් neuron සෛල භාවිතා කරන biological computing prototype එකක් දැන් අඳුන්වලා දීලා තියෙන්නේ.
සාමාන්‍ය “data centre” එකකට එහා ගියපු මේ බයලොජිකල් Prototype එකේ CL1 biological computers කියලා අලුත්ම මොළයේ තියන නියුරෝන මයික්‍රො ඉලෙක්ට්‍රෝඩ තියන සිලිකන් චිප් දාපු computers 20 ක් තියනවා. එක unit එකක අවම වශයෙන් lab-grown human neurons 200,000කට වැඩි ප්‍රමාණයක් තියනවා කියලා තමා වාර්ථා වෙන්නේ.
මෙම neurons විදුලි සංඥා හරහා conventional computer hardware සමඟ සම්බන්ධ වෙලා computing and calculations කරනවා කියලා තමා කියන්නේ .
දැන් තියන ඩේටා සෙන්ටර්ස් එක්ක සංසන්ධනය කරොත් එහෙම
එක් CL1 unit එකක් සඳහා ආසන්න වශයෙන් වොට් 30ක් විතර ඕනේ ඒකට සාපේක්ෂව NVIDIA H100 වගේ high-end AI GPU එකකට උපරිමේට වොට් 700ක් විතර අවශ්‍ය වෙන අවස්ථා තියනවා. සාපේක්ෂව ඕන කරන energy and power අඩුයි.
හැබැයි 30W vs 700W කියලා biological computer එක H100 එකට වඩා 23 ගුණයක් efficient කියලා සරලව කියන්න බැහැ දෙකම එකම type එකේ computation නෙවේ කරන්නේ.
මේ චිප් වලට අඩු ඩේටා ප්‍රමාණයක් හරහා ට්‍රේන් කරන්නත් ඉක්මනට බාහිර වෙනස් වලට ඇඩැප්ට් වෙන්නත් පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තාම ටෙස්ට් කරලා ඔප්පු කරපු දෙයක් නෙවේ.
Chip and Data centers කිව්ව ගමන් මතක් වෙන AI වලට වඩා.
• Drug discovery
• Robotics
• Cybersecurity
• Fraud detection
වගේ ක්ෂේත්‍රවලට මේක භාවිතා කරන්න පුලුවන් වෙයි කියලා තමා අනුමාන කරන්නේ.
මෙතන පොඩ්ඩක් ක්‍රීපි සීන් එක තමා නිවුරෝන පවත්වාගෙන යන්න සෑම දින 3කට පමණ නියුට්‍රිශන් මික්ස්චර් එකක් එක්ක oxygen, carbon dioxide, nitrogen වගේ වායු පාලිත තත්ව යටතේ දෙනවා . Cells වලට මාස 6ක් වගේ වැඩ කරන්න පුලුවන් කියලා තමා කියන්නේ.
මේක හැබැයි තවමත් experimental prototype එකක්.
GPU, silicon computers replace කරනවට වඩා අනාගතයේදී silicon + biological computing එකට වැඩ කරන completely new type of computing infrastructure එකකට තිබ්බ අඩියක් වෙන්න පුලුවන්.
මේ යන විදිහට පන තියන කපියුටර්ස් එන්න ඉඩ තියනවා අපි මැරෙන්න කලින් ![]()
.
මේක කියවද්දි ඔයාටත් matrix film මතක් උනේ නැත්තනම් ඔයා ගීක් කෙනෙක් වෙන්න අමාරුයි.
මැට්‍රික්ස් ෆිල්ම් එකේදි මිනිස්සුන්ව හීනෙක වගේ සිමියුලේශන් එකක හිර කරලා මිනිස්සුන්ගෙන් energy harvest කරාට මුල්ම කන්සෙප්ට් එක තිබිලා තියෙන්නේ. දියුණු සිවිලයිසේශන් එකේ මිනිස්සුන්ව පෝෂණය සහ ඔක්සිජන් දෙන එන්වයර්මන්ට් එකක දාලා එයාලට හීනයක් වගේ සිමියුලේශන් එකක් පෙන්නන එක. ඒක බලාගෙන මිනිස්සු තමන්ගෙ ඇත්ත ජීවිතේ කියලා හිතාගෙන ඉද්දි නිකන් තියන මොළයේ අනිත් නියුරෝන වලින් AI වලට ඕන කරන කැල්කියුලේශන්ස් ටික කරන එක තමා කතාවේ තීම් එක විදිහට තිබිලා තියෙන්නේ.
නමුත් ඒ කාලේ මිනිස්සුන්ට පැරලල් ප්‍රොසෙසින් , නියුරල් නෙට්වර්ක් , cloud computing ඕවා ගැන ඔකු දැනුමක් තිබ්බේ නැති ස්ටූඩියෝ එක බලකරලා තියනවා අර බැට්‍රි සීන් එකට කන්සෙප්ට් එක ශිෆ්ට් කරන්න කියලා.
මේ යන විදිහට දවසක සුපර් ඉන්ටෙලිජන්ස් එකක් මිනිස්සු තමා මේ ලෝකේ විනාස කරන්නේ කියලා තීරනේ කරලා අපිව කම්පියුටින් රිසෝස් එකක් විදිහට ගනීද දන්නේ නෑ Age of Ultron , Matrix එකතු උනා වගේ ![]()
![]()
සයිෆයි ලියන අයට ඔන්න බර lore එකක්
Deneth Rajapaksha .
