eSports,

Mic
By Mic

ක්ෂේත්‍රය කෙරෙහි ඇති ආශාව සහ ශාස්ත්‍රීය ගවේෂණය අපූරුවට මුසු කරමින්, පෝලන්ත ජාතික ශිෂ්‍යයෙකු Szymon Banach විසින් Counter-Strike 2 (CS2) ක්‍රීඩකයින්ගේ voice communication තේමාව කරගනිමින් ඉදිරිපත් කළ academic research එකක් මේ වන විට ලොව පුරා සයිබර් අවකාශයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.. Kraków වල තියෙන University of the National Education Commission එකේ ඉගෙන ලබන ඔහු, මේ academic research එක නම් කර තිබුනේ “The Language of Counter-Strike 2: A Sociolinguistic Analysis of Gamer Sociolect, Neologisms, and Register Variation” යනුවෙනි..

CS2 ගේම් එක තුළ පැය 5,000 කට වඩා වැඩි කාලයක් ගත කර ඇති Banach, playersලා තරඟ අතරතුර භාවිත කරන සන්නිවේදන රටාවන් භූගෝලීය සාධක මත නොව සමාජයීය කණ්ඩායම් සාධක මත ගොඩනැඟුණු සුවිශේෂී උපභාෂාවක් (Sociolect) ද යන්න පිළිබඳව සමාජ-භාෂා විද්‍යාත්මක (Sociolinguistic) විශ්ලේෂණයක් සිදු කර තිබෙනවා..

Register variation, jargon vs slang මෙන්ම නව වචන නිර්මාණය වීම (neologisms) වැනි භාෂා විද්‍යාත්මක සංකල්ප උපයෝගී කරගනිමින්, ඔන්ලයින් ක්‍රීඩකයින් යනු ක්‍රමානුකූල සහ නීතිරීතිවලට යටත් සන්නිවේදන රටාවන් සහිත ගෝලීය speech community එකක් බව ඔහු සිය පර්යේෂණ ව්‍යුහය හරහා පෙන්වා දී තිබෙනවා..

කාලය පිළිබඳ පවතින දැඩි පීඩනය හමුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, අනන්‍යතාව ප්‍රකාශ කිරීම සහ නිර්මාණශීලීත්වය වැනි සාධක නිසා මෙම නව වචන (neologisms) බිහි වන ආකාරය මෙම research එක මඟින් ගවේෂණය කර තිබෙනවා..

තවද, Roman Jakobson ගෙ ක්‍රියාකාරී ආකෘතිය භාවිත කරමින් ක්‍රීඩකයින් භාවිත කරන වචන මඟින් තොරතුරු හුවමාරු කර ගැනීම (referential), විධානයන් නිකුත් කිරීම (conative) සහ හැඟීම් ප්‍රකාශ කිරීම (expressive) වැනි බහුවිධ කාර්යයන් ඉටු වන ආකාරය ද එහි පැහැදිලි කර තිබෙනවා..

සිය පර්යේෂණයේ ප්‍රායෝගික කොටස සඳහා ඔහු සැබෑ CS2 තරඟ, OhnePixel වැනි ප්‍රකට ස්ට්‍රීමර්වරුන්ගේ වීඩියෝ සහ tournament casters audio වල අඩංගු සන්නිවේදන රටාවන් qualitative case study එකකට ලක් කර ඇත. එහිදී පැහැදිලි වී ඇත්තේ ක්‍රීඩාවේ පවතින ‘freezetime’ නම් වූ සැලසුම් සහගත සන්සුන් අවස්ථාවේ සිට දැඩි සටන් පවතින මැද-වටය (mid-round) දක්වා සන්නිවේදන විලාසය ඉතා වේගයෙන් වෙනස් වන (register shifts) බවයි.. ක්‍රීඩකයෙකු විසින් නිකුත් කරන තනි හඬ සංඥාවකින් එකවරම තොරතුරු සැපයීම, කණ්ඩායම් සගයන් මෙහෙයවීම සහ පවතින හදිසි ස්වභාවය හෝ හැඟීම ප්‍රකාශ කිරීම සිදු වේ.

බැනාක් සිය research එක මඟින් නිගමනය කරන්නේ CS2 ක්‍රීඩාවේ සන්නිවේදනය යනු ඉංග්‍රීසි භාෂාවේ විකෘති වූ හෝ අවුල් සහගත කෑගැසීමක් නොවන බවයි. එය ක්‍රීඩාවේ ස්වභාවය, කාල සීමාවන් සහ ප්‍රජාවේ අවශ්‍යතා මත හැඩගැසුණු, ඉහළ ව්‍යුහගත බවකින් යුත් සුවිශේෂී භාෂා පද්ධතියකි. ඔහුගේ මෙම පර්යේෂණය පරිගණක ක්‍රීඩා ආශ්‍රිත භාෂා අධ්‍යයනය (ludolinguistics) නමැති නැඟී එන ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් සපයන අතර, ඩිජිටල් ක්‍රීඩා යනු බැරෑරුම් භාෂා විද්‍යාත්මක පර්යේෂණ සඳහා සුදුසුම විෂය පථයක් බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වයි.

Reddit හි r/GlobalOffensive සමූහය වෙත මෙම පර්යේෂණ නිබන්ධනය මුදාහැරීමත් සමඟ, තමන් එදිනෙදා තරඟවලදී භාවිත කරන වචන මාලාව මෙලෙස ශාස්ත්‍රීය ඇගයීමකට ලක්වීම පිළිබඳව ලොව පුරා ක්‍රීඩකයින්ගේ ඉහළ ප්‍රසාදයක් හිමි වෙලා තියෙනවා..

පිටස්තර පුද්ගලයින්ට හුදු කෑගැසීමක් ලෙස ඇසෙන දේ, ඇත්ත වශයෙන්ම උසස් මට්ටමේ තරඟකාරී ක්‍රීඩාවක් සඳහා අත්‍යවශ්‍ය වූ, මනාව සකස් කරන ලද සංකේත පද්ධතියක් බව මේ හරහා පැහැදිලි වෙනවා..

මෙම සම්පූර්ණ research එක මේ වන විට ResearchGate වෙබ් අඩවිය හරහා පරිශීලනය කිරීමට අවස්ථාව සලසා ඇත.

පුටා ගැනීම : Dinith Maleesha

Share This Article