ලොව ප්‍රමුඛතම AI Chips,

Mic
By Mic

නිෂ්පාදකයා වන Nvidia සමාගම, Open-source AI ලෝකයේ GitHub එක විදිහට සැලකෙන Hugging Face එක ඩොලර් බිලියන 12.9 – 13ක් පමණ වන දැවැන්ත මුදලකට තමන් යටතට ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙනවා..

දැනටමත් AI Models මිලියන 3කට අධික සංඛ්‍යාවක් සත්කාරකත්වය සපයන Hugging Face එක, ලොව පුරා Developersලා විසින් Open-weight models බෙදාගැනීමට, fine-tune කිරීමට සහ deploy කිරීමට භාවිත කරන ප්‍රධානතම කේන්ද්‍රස්ථානයයි..

2023 වසරේදී ඩොලර් බිලියන 4.5ක අගයක පැවති Hugging Face හි වටිනාකම මෙලෙස කෙටි කලකින් තුන්ගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්..

මෙම ගනුදෙනුව තවමත් සමාගම් දෙක විසින් නිල වශයෙන් තහවුරු කර නොමැති වුවත්, මෙය සාර්ථක වුවහොත් එය Nvidia හි ඉතිහාසයේ විශාලතම අත්පත් කරගැනීම්වලින් එකක් වනු ඇත..

AI Training සහ Inference සඳහා අවශ්‍ය GPUs සපයන ප්‍රධානතම සමාගම වන Nvidia හට, මෘදුකාංග සහ Models බෙදාහරින ප්‍රධානතම Distribution Hub එකේ පාලනයද හිමිවීම හරහා Open-source AI ලෝකය තුළ පෙර නොවූ විරූ දැවැන්ත බලයක් නිර්මාණය වනු ඇතැයි තාක්ෂණික ක්ෂේත්‍රය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා..

Dinith Maleesha

Share This Article