ලොව පුරා Developersලා අතර,

Mic
By Mic

අතිශය ජනප්‍රිය AI Code Editor එකක් වන “Cursor” නිර්මාණය කළ Anysphere සමාගම, ඩොලර් බිලියන 60ක දැවැන්ත All-Stock ගනුදෙනුවක් හරහා නිල වශයෙන් Elon Musk ගේ SpaceX සමාගම යටතට පත් කරගැනීමේ ක්‍රියාවලිය 2026 අගෝස්තු 14 වන දින සම්පූර්ණ කර තිබෙනවා..

Venture-backed Startup එකක් මෙතෙක් ඉතිහාසයේ අලෙවි වූ ඉහළම සහ විශාලතම මිල මෙය වන අතර, Cursor කණ්ඩායම SpaceXAI සමඟ එකතු වී ඔවුන්ගේ Grok AI මොඩල් පෙළ (Grok Build, Grok Bot, Grok API) තවදුරටත් දියුණු කිරීමට නියමිතයි..

2022 වසරේදී MIT සිසුන් සිව්දෙනෙකුගේ Dorm Room ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ Cursor, “Vibe Coding” රැල්ලත් සමඟ වසර 4ක් වැනි කෙටි කාලයක් ඇතුළත වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයන ලොව ප්‍රමුඛතම AI Coding Platform එකක් බවට පත්වුණා..

මේ දැවැන්ත එකතු වීමත් සමඟ ලොව විශාලතම GPU සහ Compute සම්පත් වෙත ප්‍රවේශය ලැබෙන බැවින්, වඩාත් අඩු පිරිවැයකින් සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු Agentic Coding අත්දැකීමක් Developersලා වෙත ලබා දීමට හැකිවනු ඇති බවයි Cursor කණ්ඩායම පවසන්නේ..

OpenAI, Anthropic සහ Google වැනි දැවැන්තයින් සමඟ තරඟ කරමින් AI ලෝකයේ මෘදුකාංග පෙරළිය තමන් සතු කරගැනීමට SpaceX තැබූ මෙම පියවර, සමස්ත Tech ක්ෂේත්‍රයේම අනාගතය අලුත් මඟකට යොමු කරනු ඇතැයි නොඅනුමානයි..

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article