2026 ඔක්තෝබර් මාසයේදී,

Mic
By Mic

Apple සහ The King’s Trust එක්ව Creative Labs නමින් නව වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මේ වැඩසටහනේ අරමුණ බ්‍රිතාන්‍යයේ තරුණයන්ට සංගීතය සහ අනෙකුත් නිර්මාණාත්මක ක්ෂේත්‍රවලට පිවිසීමට අවශ්‍ය දැනුම, පුහුණුව සහ අවස්ථා ලබාදීමයි.

විශේෂයෙන් අධ්‍යාපනික හෝ සමාජමය බාධා නිසා මෙවැනි ක්ෂේත්‍රවලට පිවිසීමට අවස්ථා අඩු තරුණයන්ට, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස්, නව Apple තාක්ෂණ භාවිතය පිළිබඳ පුහුණුව සහ වෘත්තීය සම්බන්ධතා ලබාදීමට සැලසුම් කරලා තියෙනවා.

පළමු Creative Labs වැඩසටහන ලන්ඩනයේ Battersea Power Station තුළ අලුතින් විවෘත කළ Apple Music Hall හිදී ආරම්භ වුණා. එයට තරුණයන් 20 දෙනෙකු සහභාගී වී, සංගීත ක්ෂේත්‍රය ගැන ප්‍රායෝගික වැඩමුළුවලට එක්වුණා.

එහිදී iPad භාවිතයෙන් Logic Pro හරහා සංගීත නිර්මාණය කරන ආකාරයත්, සංගීත ක්ෂේත්‍රයේ විවිධ රැකියා සහ වෘත්තීය මාර්ග ගැනත් ඔවුන්ට ඉගෙනගන්න ලැබුණා.

පළමු වැඩමුළුවට විශේෂ අමුත්තන් ලෙස King Charles, Apple CEO Tim Cook සහ Sir Elton John සහභාගී වුණා. තරුණයන්ට ගායිකා Sky Newmanගේ ප්‍රසංගයට පෙර සිදුවන සූදානම් කටයුතු බලන්නත්, Nectar Woodeගේ සමීප සංගීත ප්‍රසංගයක් ඉදිරිපසින් නැරඹීමටත් අවස්ථාව ලැබුණා.

Creative Labs එක සංගීතයට පමණක් සීමා කරන්න සැලසුම් කරලා නැහැ. ඉදිරි වසර තුළ Apple සම්බන්ධ වෙනත් නිර්මාණාත්මක ක්ෂේත්‍රවලටත් මෙවැනි වැඩසටහන් පුළුල් කිරීමට සැලසුම් කරලා තියෙනවා.

මේ වැඩසටහනේ ප්‍රධාන අදහස වන්නේ තරුණයන්ට Apple උපකරණ භාවිතය පමණක් උගන්වන එක නොව, තමන්ගේ නිර්මාණාත්මක හැකියාව වෘත්තියක් බවට පත් කරගන්න අවශ්‍ය මඟපෙන්වීම සහ ක්ෂේත්‍රයේ අය සමඟ සම්බන්ධතා ලබාදීමයි.

Red Bunny

Share This Article