පහුගිය දවස් ටිකේම ටෙක් ලෝකේ රස්නෙන්ම ගිය මාතෘකාව තමයි HONOR Magic9 Pro Max එක. ඊයේ (සැප්තැම්බර් 28) මුන් මේ ෆෝන් එක චීනෙදි ඔෆිෂියලි රිලීස් කරා.
හැබැයි සෝෂල් මීඩියා වල මේ ෆෝන් එක ගැන ගිය කතා භාගෙකට වඩා සම්පූර්ණ බොරු (Fake News)!..
1. ෆෝන් එකක්ද නැත්නම් රකුසෙක්ද? (Performance & Display) ![]()
Processor : මේකෙ තියෙන්නේ ලෝකේ දැනට තියෙන පවර්ෆුල්ම ප්‍රොසෙසර් එකක් වෙන අලුත්ම Snapdragon 8 Elite Extreme Gen 6 (2nm) චිප් එක.
Display : 6.8-inch LTPO OLED (1-120Hz) ඩිස්ප්ලේ එකක්. 10,000 nits වල උපරිම Local Brightness එකක් වගේම, ඇස් වලට පට්ටම ආරක්ෂිත 4320Hz PWM Dimming ටෙක්නොලොජි එකත් තියෙනවා. ස්ක්‍රීන් එකට HONOR ලගෙම Anti-Scratch NanoCrystal Shield එක ගහලා තියෙන්නේ.
RAM/Storage : 12GB & 16GB (LPDDR5X) RAM එක්ක, 256GB ඉඳන් 1TB (UFS 4.1) වෙනකම් ගන්න පුළුවන්.
2. Samsung, Apple වලට පහරක්. (Camera Specs) ![]()
කැමරා ඩිසයින් එක හදලා තියෙන්නේ 1937 පරණ ARRIFLEX සිනමා කැමරා වල පෙනුමට.
Main Camera : 200MP (1/1.28-inch සෙන්සර් එකක්, f/1.57, OIS)
Telephoto : 200MP Periscope (3.5x Optical Zoom, f/2.6, OIS).
Ultrawide : 50MP Autofocus.
Front Camera : 55MP Square-format ලෙන්ස් එකක් එක්ක, 3D Face Unlock වලට වෙනමම 3D Depth සෙන්සර් එකකුත් ඉස්සරහා තියෙනවා (Fingerprint එකත් 3D Ultrasonic).
Video : HONOR ලා වෙනමම හදපු ‘H1 Imaging Chip’ එකක් මේකේ තියෙනවා. ඒ වගේම ARRI සිනමා කැමරා කම්පැනිය එක්ක එකතු වෙලා 4K/60fps 10-bit (LogC3) සිනමා කොලිටියේ වීඩියෝ රෙකෝඩ් කරන්න වෙනම ‘ARRI CINEMA Mode’ එකක් දීලා තියෙනවා.
3. සෝෂල් මීඩියා වල ගිය පට්ට පච 3ක් ![]()
පච 1 : “බැටරිය 10,000mAh ලු” – නෑ බං මේකේ ඇත්තටම තියෙන්නේ 8,800mAh Silicon-Carbon බැටරියක්. (ඒකත් ෆෝන් එකකට පට්ටම ලොකුයි). චාජ් කරන්න 100W Wired සහ 80W Wireless පුළුවන්.
පච 2 : “මේකෙන් සැටලයිට් කෝල්ස් ගන්න පුළුවන්ලු” – නෑ බං ඔෆිෂියල් රිලීස් කරපු ෆෝන් එකේ කිසිම සැටලයිට් තාක්ෂණයක් නෑ.
පච 3 : “Magic9 Pro එකත් එනවලු” – මේ පාර Pro මොඩල් එකක් නෑ! ඇවිත් තියෙන්නේ Magic9, Pro Max, සහ Super Edition කියන තුන විතරයි.
4. වෙන මොනවද තියෙන්නේ? ![]()
Wi-Fi 7, Bluetooth 6.3 වගේම IP68, IP69 සහ IP69K කියන තුනෙන්ම වතුරට සහ දූවිල්ලට ඔරොත්තු දෙන්න හදලා තියෙනවා. ෆෝන් එකේ බර ග්‍රෑම් 233යි. රන් වෙන්නේ අලුත්ම Android 17 පාදක කරගත්තු MagicOS 11 එකෙන්.
5. කීයක් වෙයිද බං? ![]()
දැනට මේක රිලීස් කරලා තියෙන්නේ චීනෙට විතරයි. එහේ මේකේ පටන් ගන්න ගාණ RMB 6,499 ක් වෙනවා (ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2 හමාරක් වගේ). හැබැයි ලංකාවට එන ඩේට් එකක්වත්, ගාණවත් තාම කවුරුත් දන්නේ නෑ. ඉන්දියන් සයිට් වල දාලා තියෙන ගණන් ඔක්කොම බොරු අනුමාන කිරීම් විතරයි.
ඉතින් 8800mAh බැටරියකුයි 200MP කැමරා දෙකකුයි තියෙන මේ රකුසා එක්ක හැප්පෙන්න ඊළඟට එන Samsung S27 Ultra එකට පුළුවන් වෙයිද? උඹලට මොකද හිතෙන්නේ?
TECH SONA
