Google Search Console එකේ මේ අලුත් Feature එක දැක්කද?

Mic
By Mic

026 ජූලි 7 දින Google විසින් Platform Properties කියන අලුත් Feature එක නිල වශයෙන් හඳුන්වා දුන්නා. ඒත් මේක gradual rollout එකක් නිසා තවමත් සියලුම Google Search Console Accounts වලට ලැබිලා නැහැ.

දැන් ඔබට ඔබේ Website එකට අමතරව,

✅ Instagram

✅ TikTok

✅ X (Twitter)

✅ YouTube

වගේ Platforms වෙන වෙනම Search Console එකට Add කරන්න පුළුවන්.

මේකෙන් ලැබෙන වාසිය මොකක්ද?

මෙතන තමයි ගොඩක් අය වැරදියට හිතන්නේ.

❌ මේක Ranking එක වැඩි කරන “SEO Trick” එකක් නෙවෙයි.

Google එහෙම කිසිම තැනක කියලා නැහැ.

හැබැයි මේ Feature එකෙන්,

🔹 Google Search එකෙන් ඔබේ Social Media Profiles වලට කී දෙනෙක් ආවාද කියලා බලන්න පුළුවන්.

🔹 Instagram Post එකක්, YouTube Video එකක් හෝ TikTok Video එකක් Google Search වලින් කොච්චර Discover වෙනවාද කියලා තේරුම් ගන්න පුළුවන්.

🔹 Website එකයි Social Media Accounts ටිකයි එක Dashboard එකකින් Monitor කරන්න පුළුවන්.

🔹 Google Search හරහා මිනිස්සු ඔබේ Brand එක හොයන්නේ Website එකෙන්ද? YouTube එකෙන්ද? Instagram එකෙන්ද? කියලා වඩා පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්.

Google Search Console එක අද Website SEO Tool එකක් විතරක් නෙවෙයි. දැන් එය ඔබේ සම්පූර්ණ Search Presence එක තේරුම් ගන්න උදව් කරන Platform එකක් බවට පත්වෙමින් තියෙනවා.

💡 කොහොමද Add කරන්නේ? Google Search Console → Settings → Platform Properties

ඔබගේ Account එකට මේ Option එක ඇවිල්ලද? Comment එකක් දාන්න. 👇

උපුටා ගැනීම: Roarion

Share This Article