වැඩිහිටියන්ගේ X-ray,

Mic
By Mic

ඡායාරූප පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කළ AI මාදිලියක් අලුත උපන් බිළිඳුන්ගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා සාර්ථකව අනුවර්තනය කිරීමට ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් සමත්ව තිබෙනවා.පසුගිය ඔක්තෝබර් 13 වැනිදා Nature Biomedical Engineering විද්‍යාත්මක සඟරාවේ පළ වූ මෙම පර්යේෂණය සඳහා රටවල් සහ ප්‍රදේශ 20ක රෝහල් 30ක දත්ත යොදාගෙන තිබුණා.

මෙහිදී පර්යේෂකයන් අවධානය යොමු කළේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බිළිඳුන්ට හුස්ම ගැනීමට උපකාර වන නළය නිවැරදි ස්ථානයේ පවතිනවාද යන්න X-ray ඡායාරූප මඟින් හඳුනාගැනීමටයි. එම නළය වැරදි ස්ථානයක පිහිටීම බිළිඳුන්ට බරපතළ සංකූලතා ඇති කළ හැකි බැවින් එවැනි අවස්ථා ඉක්මනින් හඳුනාගැනීම වැදගත් වෙනවා.

පර්යේෂණයේදී Continual Learning නම් ක්‍රමය භාවිත කළ අතර, එක් රෝහලකදී වැඩිදියුණු කළ AI මාදිලිය ඊළඟ රෝහලට ලබාදී එහි දත්තවලින් තවදුරටත් පුහුණු කර තිබුණා. මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ රෝගීන්ගේ මුල් වෛද්‍ය දත්ත රෝහල් අතර හුවමාරු කිරීමට අවශ්‍ය නොවීමයි.

ප්‍රතිඵල අනුව, X-ray ඡායාරූපවල අදාළ ස්ථාන හඳුනාගැනීමේ සාමාන්‍ය දෝෂය සෙන්ටිමීටර 4.30 සිට 0.67 දක්වා අඩු කිරීමට හැකි වී තිබුණා. රෝහල් 30න් 29කදී නව ක්‍රමය වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබාදුන් අතර, නළය අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැඹුරට ඇතුළු වී ඇති අවස්ථා හඳුනාගැනීමද රෝහල් 27කදී වැඩිදියුණු වී තිබුණා.

මෙම පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ රෝගීන්ගේ පෞද්ගලික වෛද්‍ය දත්ත ආරක්ෂා කරමින්, රෝහල් කිහිපයක සහයෝගයෙන් AI පද්ධති වැඩිදියුණු කළ හැකි බවයි. කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵල කලින් ලබාගත් වෛද්‍ය දත්ත මත පදනම් වන බැවින් සැබෑ රෝගී සත්කාරයේදී තාක්ෂණයේ සාර්ථකත්වය තහවුරු කිරීමට තවත් පරීක්ෂණ අවශ්‍ය වේ.

Red Bunny

Share This Article