ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට  ජාත්‍යන්තර පිළිගැනීමක්  සහිත  ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධි පාඨමාලාවක් (MSc Digital Marketing Communications) UCL වෙතින්

Share

ඩිජිටල් යුගයේ ප්‍රගතිය සහ එහි පුරෝගාමීත්වය සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයක් වන යුනිවර්සල් කොලේජ් ලංකා (UCL) විසින් කීර්තිමත් Central Lancashire විශ්වවිද්‍යාලය (UCLan)  සමඟ එක්ව ශ්‍රී ලංකාවේ එකම බ්‍රිතාන්‍ය ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධි වැඩසටහන (MSc Digital Marketing Communications) දියත් කරන ලදී. ගෝලීය තරඟකාරීත්වය සාර්ථකව ජය ගැනීමට දේශීය වෘත්තිකයන් සවිබල ගැන්වීමේ අරමුණින්  ආරම්භ කර ඇති මෙම වැඩසටහන බ්‍රිතාන්‍යයේ  Central Lancashire විශ්වවිද්‍යාලය වෙතින් පිරිනමන කීර්තිමත් පශ්චාත්උපාධියක් වන අතර බ්‍රිතාන්‍යයේ Institute of Direct and Digital Marketing (IDM)  ආයතනයේ සහතිකය සමඟ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතයි.

මෙම ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධිය හඳුන්වාදීම පිළිබඳව  UCL හි ප්‍රධාන විධායක නිලධාරී ගිහාන් සිල්වා මහතා මෙසේ සිය අදහස් එකතු කළේය. “ශ්‍රී ලංකාවේ  එකම බ්‍රිතාන්‍ය ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධිය ඉදිරිපත් කිරීමට අපට අවස්ථාව ලැබීම සතුටුදායක කරුණක්. ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස අපට  ව්‍යාපාර සහ සංවිධානවල සාර්ථකත්වය ගොඩනැගීමේදී ඩිජිටල් අලෙවිකරණයේ භූමිකාව සහ එහි වැදගත්කම පිළිබඳව මැනවින් හඳුනාගැනීමට හැකිවුණා. ව්‍යාපාර වල අපේක්‍ෂිත සේවාදායකයින් සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වීමට, වෙළෙඳ සන්නාම ගොඩනැගීමට මෙන්ම ව්‍යාපාර වර්ධනයට ඩිජිටල් තාක්‍ෂණික ක්‍රමවේදයන් යොදා ගත හැකි අලෙවිකරණ  වෘත්තිකයන් සඳහා ලෝකයේ ඉහළ වෘත්තීය අවස්ථාවක් තිබෙනවා. අප මෙම  පශ්චාත් උපාධි වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ එම ඉල්ලුම සපුරාලීමේ අරමුණ සහිතවයි.”

UCL හි අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය හර්ෂ අලස් මහතා ද මෙම වැඩසටහනට සහභාගී වෙමින් කියා සිටියේ “UCL, Central Lancashire විශ්වවිද්‍යාලය සමඟ ශක්තිමත් සහ වෘත්තීය හවුල්කාරිත්වයක් ඇති කර ගත්තේ  අන්තර්ජාතික මට්ටමේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන අත්දැකීමක්  ශ්‍රී ලංකාව තුළ පිරිනැමීමටයි.  ඒ  පිළිබඳව අපට ඇත්තේ සාඩම්බර හැඟීමක්. පසුගිය වසර 07 පුරාම UCL අන්තර් ජාතික උසස් අධ්‍යාපනයේ ප්‍රමුඛයා බවට පත්වීම ඉහළම මට්ටමේ පශ්චාත් උපාධියක් හඳුන්වා දීමට අපට මහඟු අභිප්‍රේරණයක් වුණා. අපගේ ඉලක්කය වන්නේ, ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳව අපගේ සාර්ථකත්වය උපයෝගී කර ගනිමින්  දක්ෂතාවයෙන් පිරිපුන් සිසුන් පිරිසකට ඔවුන් තෝරාගත් ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය දැක්වීමට අවශ්‍ය කුසලතාවලින් සහ දැනුමෙන් සන්නද්ධ කිරීමයි. මෙමඟින්  ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතා දැක්වීමට වෘත්තිකයින් සවිබල ගැන්වෙනු ඇතැයි මම විශ්වාස කරනවා. “

UCL හි පශ්චාත් උපාධි වැඩසටහන් දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් UCL හි අධ්‍යක්ෂ ස්ටීවන් එන්ඩර්බි මහතා මෙසේ ප්‍රකාශ කළේය. “පශ්චාත් උපාධි අධ්‍යාපනය තම විෂය පථය වැඩිදියුණු කිරීමට සහ වෘත්තීය දියුණුව ලබා ගැනීමට අපේක්ෂා කරන වෘත්තිකයන්ගේ අනාගතය හැඩගැස්වීමට උපකාර වෙනවා. අපගේ ඉලක්කය වන්නේ විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය හෝ වෙනත් කුමන විෂයක් පිළිබඳව වුවද සිසුන් දක්වන සුවිශේෂි දක්ෂතාවන් පෝෂණය කිරීම සහ එම අදාළ ක්ෂේත්‍රයන් සඳහා ප්‍රශස්ත දායකත්වයක් ලබා දෙන උපාධිධාරීන් බිහි කිරීමයි. මෙම වැඩසටහන මඟින් දේශීය හා ගෝලීය අපේක්ෂාවන් ඉදිරියට ගෙන යාම සඳහා සුදුසුකම් ලත්, දක්ෂ හා උනන්දුව සහිත පිරිසට සැලකිය යුතු වටිනාකමක් එක් කරනු ඇතැයි අප විශ්වාස කරනවා. එබැවින්, තම වෘත්තීය අපේක්ෂාවන් ඉහළ නැංවීම සඳහා ඊළඟ පියවරට එළඹීමට සුදුසුකම් ලත් වෘත්තිකයන්ට අප මෙම වැඩසටහනට ඇරයුම් කරන්නේ ඉමහත් සතුටකින්.”

UCL හි  පීඨාධිපති අධ්‍යයන ආචාර්ය ධනංජය කුල්කර්නි මහතා විසින් එහි අධ්‍යයන කටයුතු සහ ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධි වැඩසටහන හැදෑරීමේ අවශ්‍යතාවය පිළිබඳව තම අදහස් දක්වමින්, “Central Lancashire විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධිය සිසුන්ට තරඟකාරී පැතිකඩක් වෙත ප්‍රවේශ වීමේ මඟ විවර කර දෙනවා. මෙම විෂය පථය හරහා විවිධ ක්ෂේත්‍රයන්ට වටිනාකමක් එකතු කරන සිසුන් මේ සඳහා සම්බන්ධ  කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.”

බ්‍රිතාන්‍ය ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධි වැඩසටහන යටතේ සමස්ත ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන විෂය පථයම ආවරණය වන පරිදි සැකසූ පුළුල් විෂය මාලාවක් සිසුන් වෙත ඉදිරිපත් කර ඇත. උපාය මාර්ගික ඩිජිටල් අලෙවිකරණයේ (Digital Marketing Strategy) සිට පාරිභෝගික හැසිරීම් (Consumer Behaviour), පාරිභෝගික මනෝවිද්‍යාව (Consumer Psychology) ආදී  විෂයන් රැසක් ඔස්සේ  සිසුන්ට ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදනය පිළිබඳව විශේෂඥතාවක් ලබා ගැනීමට එමඟින් අවස්ථාව සලසා දී තිබේ. මෙම වැඩසටහන අවසානයේදී  පර්යේෂණ ව්‍යාපෘතියක් (Research Project)  සිසුන් විසින් සම්පුර්ණ කළ යුතුය.

මෙම වැඩසහන සඳහා  උපාධියේ මූලික සුදුසුකම සලකා බැලෙන අතර  CIM, SLIM, CIMA, ACCA  වැනි බ්‍රිතාන්‍ය විසින් පිරිනමන උපාධියකට සමාන සුදුසුකම් සපුරා ඇති වෘත්තිකයන්ට* අයදුම් කළ හැකිය. එපමණක් නොව, අදාළ සේවා පළපුරුද්ද ඇති අපේක්ෂකයින්ට* මෙන්ම පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින සිසුන්ට ද මෙම අධ්‍යයන අවස්ථාව සමඟ සම්බන්ධ විය හැකිය.

ශ්‍රී ලංකාවේ එකම බ්‍රිතාන්‍ය ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධි වැඩසටහන ලෙස මෙමඟින් සහභාගි වන සිසුන් සඳහා ඉහළම ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත කීර්තිමත් සුදුසුකම් උරුම කර දෙමින් ගෝලීය වෘත්තීය අවස්ථා වෙත දොරගුළු විවර කරන්නේ, UCL ආයතනය මෙරට ඩිජිටල් අලෙවිකරණ අධ්‍යාපනයේ ප්‍රමුඛයා ලෙස ගොඩනගා ගෙන සිටින සිය ස්ථාවරයේ ශක්තිමත් බව නැවත වරක් සනාථ කරමිනි.

මෙම පශ්චාත් උපාධි පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට 077411000 අමතා හෝ අංක 503, ශ්‍රී ජයවර්ධනපුර මාවත, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි  UCL ආයතනය වෙත පැමිණ වැඩිදුර විස්තර ලබාගන්න.

ඡායාරූප සිරස්තලය:

(වමේ සිට දකුණට) අලෙවි සහ ශිෂ්‍ය බඳවාගැනීම් ප්‍රධානී කල්හාරි මීගොඩ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී  එරන්දි දොඩම්වල, ප්‍රධාන විධායක නිලධාරී ගිහාන් සිල්වා, අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය  හර්ෂ අලස්, අධ්‍යක්ෂ ස්ටීවන් එන්ඩර්බි, අධ්‍යයන කටයුතු පිළිබඳ පීඨාධිපති ආචාර්ය ධනංජය කුල්කර්නි, ව්‍යාපාර අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය දේවංගි පෙරේරා.

*කොන්දේසි සහිතයි.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top