මේ වෙද්දී ෆෝන් මාර්කට් එකේ බජට් ෆ්ලැග්ශිප් එකක් හොයන හැමෝම මගබලාගෙන ඉන්න “Samsung Galaxy S26 FE (Fan Edition)” එක එළියට දාන දවස Samsung සමාගම නිල වශයෙන්ම නිවේදනය කරලා තියෙනවා. තව දවස් තුනකින්, ඒ කියන්නේ අගෝස්තු 27 වෙනිදා මෙයාලගේ අලුත්ම “Galaxy Event” එකෙන් මේ යශයා එළියට එන්නයි යන්නේ. ලෝන්ච් වෙන්නත් කලින් FCC, BIS සහ Geekbench හරහා මේකේ ලීක් වෙච්ච පට්ටම ටෙක්නිකල් රහස් ටික මෙන්න.
1. Exynos 2500 චිප් එකෙන් එන යක්ශ බලය!…
කලින් ආපු FE මොඩල්ස් වගේ නැතුව, මේ පාර S26 FE එකට Snapdragon සහ Exynos කියල ජාති දෙකක් එන්නේ නෑ. මුළු ලෝකෙටම එන්නේ Samsung ලගේ අලුත්ම 3nm තාක්ෂණයෙන් හදපු Exynos 2500 ප්‍රොසෙසර් එක. මේක 3.3GHz වෙනකන් යන්න පුළුවන් 10-Core (1+7+2) යක්ශයෙක්. ගේමිං වලට සුපිරිම සපෝට් එකක් දෙන්න AMD RDNA 3 තාක්ෂණය තියෙන Xclipse 950 GPU එකත් මේකටම සෙට් කරලා තියෙනවා. ඒ එක්කම 8GB LPDDR5X RAM එකක් සහ UFS 4.0 Storage එකකුත් මේකට එනවා.
2. කැමරාව සහ Galaxy AI ෆීචර්ස්
කැමරාව පැත්තෙන් බැලුවොත් පිටිපස්සේ කැමරා තුනයි. 50MP (OIS තියෙන) Main ලෙන්ස් එකකුයි, 3x Optical Zoom කරන්න පුළුවන් 8MP Telephoto ලෙන්ස් එකකුයි, 12MP Ultrawide ලෙන්ස් එකකුයි එනවා. වීඩියෝ කරන අයට දැන් 8K 30fps වෙනකන් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම මේකට අලුත්ම Galaxy AI සෙට් එක එනවා. විශේෂයෙන්ම වීඩියෝ කරද්දී ෆෝන් එක හෙලවුණත් වීඩියෝ එක කෙළින් තියාගන්න Horizontal Lock සහ Audio Eraser වගේ සුපිරි AI ෆීචර්ස් මේකේ තියෙනවා.
3. ඩිස්ප්ලේ එක සහ බැටරිය
මේකට අඟල් 6.7ක 120Hz Dynamic AMOLED 2X Flat ඩිස්ප්ලේ එකක් එනවා. බැටරිය නම් කලින්ට වඩා ලොකුයි. 4,900mAh ක දැවැන්ත බැටරියක් එක්ක 45W Wired Fast Charging මේකට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, Wireless Charging වගේම Reverse Wireless Charging පහසුකමත් මේකේ තියෙනවා. මේ හැමදේම IP68 Water Resistance එක්ක Gorilla Glass Victus+ වලින් ආරක්ෂා කරලා තියෙන්නේ.
4. අවුරුදු 7ක අඛණ්ඩ අප්ඩේට්ස්!…
මෙන්න මේක තමයි S26 FE එකේ තියෙන සුපිරිම වාසිය!.. මේ ෆෝන් එක එළියට එන්නේ අලුත්ම Android 17 පාදක කරගත්තු One UI 9.0 එක්ක. ඒ කියන්නේ මේ අවුරුද්දේ මුල ආපු Galaxy S26 එකටත් වඩා අලුත් OS එකකින්. ඒ වගේම Samsung ලා මේ ෆෝන් එකටත් අවුරුදු 7ක OS සහ Security අප්ඩේට්ස් දෙනවා කියලා තහවුරු කරලා තියෙනවා. ඒ කියන්නේ 2033 වෙනකන් මේ ෆෝන් එක කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්!
5. ගණන් කොහොම වෙයිද?
ස්පෙක්ස් ඔක්කොම සුපිරි වුණාට ගාණ නම් පොඩ්ඩක් සැරයි. යුරෝපයේ මේක යුරෝ 799 කින් පටන් ගනී කියලා තමයි ලීක්ස් වල කියන්නේ. ඒ කියන්නේ කලින් ආපු S25 FE එකට වඩා යම් කිසි ගණන් වැඩිවීමක් මේකේ තියෙනවා.
ඉතින් අවුරුදු 7ක් පාවිච්චි කරන්න පුළුවන් මේ බජට් ෆ්ලැග්ශිප් එක ගැන උඹලා මොකද හිතන්නේ? සැම්සුන්ග් ලා දෙන මේ අලුත් Exynos 2500 එකට ගේමක් ගහන්න පුළුවන් වෙයිද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාහන් ![]()
උපුටා ගැනීම : TECH SONA
