අපි ගොඩක් වෙලාවට හිතන්නේ පින්තූරයකින් පේන්නේ ඒකේ තියෙන රූපය විතරයි කියලා. හැබැයි Cybersecurity සහ OSINT (Open-Source Intelligence) ලෝකයේදී පින්තූරයක් කියන්නේ තොරතුරු පතලක්.
මේකට ප්රධානම හේතුව තමයි EXIF Data (Exchangeable Image File Format) එහෙමත් නැත්නම් Metadata.
ඔයා smartphone එකකින් හරි DSLR එකකින් හරි photo එකක් click කරද්දී, පින්තූරය විතරක් නෙවෙයි තවත් hidden information ගොඩක් ඒ file එක ඇතුළේ automatically save වෙනවා.
මේ Metadata වල මොනවාද තියෙන්නේ?
• Phone එකේ හෝ Camera එකේ Model එක
• Photo එක ගත්තු Date එක සහ Time එක
• Camera settings (Aperture, Shutter speed etc.)
• සහ වඩාත්ම භයානක දේ: GPS Location (Latitude & Longitude)
Hacker කෙනෙක්ට හරි OSINT researcher කෙනෙක්ට හරි ඔයාගේ exact location එක හොයාගන්න මේ file එක extract කරන එක ඉතාමත් ලේසි වැඩක්.
මේ සඳහා Linux වල පාවිච්චි වෙන ජනප්රියම command-line tool එකක් තමයි ExifTool.
“exiftool image.jpg”
මේ command එකෙන් වෙන්නේ මොකක්ද?
මේ simple command එක terminal එකේ run කරාම, අර photo එක ඇතුළේ හැංගිලා තියෙන සියලුම EXIF data ටික terminal එකේ text විදිහට print වෙනවා. ඒකේ ඔයාගේ GPS coordinates තිබ්බොත්, ඒක Google Maps වලට දාලා තත්පරෙන් ඔයා ඉන්න තැන හොයාගන්න පුළුවන්.
Common Mistake:
ගොඩක් අය හිතනවා “මම Facebook, WhatsApp වලට දාන photos වලිනුත් මාව track කරයිද?” කියලා. ඇත්තටම නෑ. Facebook, Instagram, WhatsApp වගේ ලොකු platforms වලින් photo එකක් upload කරද්දී privacy reasons නිසා මේ metadata automatically remove (strip) කරලා දානවා.
හැබැයි ඔයා original image file එක email එකකින් යැව්වොත්, document එකකට attach කරොත්, එහෙමත් නැත්නම් metadata strip වෙන්නේ නැති වෙනත් third-party website එකකට upload කරොත්, ඔයාගේ location එක leak වෙනවා.
කොහොමද මේකෙන් ආරක්ෂා වෙන්නේ?
ඔයාගේ phone එකේ Camera App එකේ settings වලට ගිහින් “Location tags” හෝ “Geotagging” කියන option එක off කරලා තියන්න.
වැදගත් file එකක් (උදාහරණයක් විදිහට CV එකක තියෙන photo එකක්) email කරන්න කලින් ඒකේ EXIF data remove කරන්න.
Linux පාවිච්චි කරන කෙනෙක්ට නම් පහළ තියෙන command එකෙන් ලේසියෙන්ම photo එකක තියෙන ඔක්කොම metadata මකලා දාන්න පුළුවන්:
“exiftool -all= image.jpg”
(මේකෙන් image.jpg කියන file එකේ තියෙන සියලුම hidden details අයින් කරලා දානවා.)
Security කියන්නේ ලොකු systems hack කරන එකම නෙවෙයි, අපි එදිනෙදා share කරන දේවල් ඇතුළේ හැංගිලා තියෙන දේවල් ගැනත් awareness එකක් තියාගන්න එකට.
උපුටා ගැනීම : Fsociety.LK
