ෆෝන් එක “රොකට් එකක්” කරවන, ගොඩක් අය නොදන්න Hidden Gem Apps 6ක්!

Mic
By Mic

අද මම කතා කරන්නේ හැමෝම දන්න WhatsApp, TikTok වගේ සාමාන්‍ය ඇප්ස් ගැන නෙමෙයි. මේ තියෙන්නේ ෆෝන් එකේ Operating System එක (Android ද iOS ද අදාළ නෑ) ඇතුළටම බැහැලා, System APIs පාවිච්චි කරලා අතිදැවැන්ත වැඩ ගන්න පුළුවන් පට්ටම ‘Hidden Gems’ ඇප්ස් 6ක් ගැන.

උබ Digital Creator කෙනෙක්, AI පිස්සෙක්, නැත්නම් ෆෝන් එකෙන් උපරිම වැඩ ගන්න කෙනෙක් (Power User) නම්, මේ ඇප්ස් ටික අනිවාර්යයෙන්ම ෆෝන් එකේ තියෙන්නම ඕනේ!…

1. RethinkDNS + Firewall (Android – Free)

ලංකාවේ Data කන ඇප්ස් වලටයි, Ads වලටයි තිත!

කරන දේ : ෆෝන් එක Root කරන්නේ නැතුව, මුළු ෆෝන් එකේම Network Connection එක DNS සහ IP ලෙවල් එකෙන් පාලනය කරන එක.

මේක Android VPN Framework එක පාවිච්චි කරලා TCP/UDP Traffic එක ‘WireGuard Proxifier’ එකක් හරහා යවනවා. ඒ කියන්නේ ඔයාට පුළුවන් “බ්‍රවුසර් එකට විතරක් VPN වැඩ කරන්න, අනිත් ඇප්ස් සාමාන්‍ය විදිහට වැඩ කරන්න” (Split-tunnel) වගේ පට්ට රූල්ස් හදන්න.

ප්‍රයෝජනය : Background එකේ ඩේටා කන ඇප්ස්, රහස් හොයන Trackers ඔක්කොම එකපාර බ්ලොක් කරලා දාන්න මේකෙන් පුළුවන්.

2. Pushcut : Automation Server (iOS – Free/Pro)

පරණ iPhone/iPad එකක් Server එකක් කරමු!

කරන දේ : Apple Shortcuts, අපි ෆෝන් එක ඔබන්නේ නැතුව Auto Run වෙන්න හදන එක.

මේකෙන් පුළුවන් ඔයාගෙ පරණ iOS ඩිවයිස් එකක් (iPad එකක් වගේ) ‘Headless Server’ එකක් කරන්න. එතකොට Webhooks, APIs (IFTTT/Zapier) හරහා වෙන ඩිවයිස් එකකින් කමාන්ඩ් එකක් දුන්නම අර iPad එකේ තියෙන දේවල් Auto Run වෙනවා.

ප්‍රයෝජනය : ඔයා වීඩියෝ එකක් ෂූට් කරපු ගමන්, ඒක Auto Upload වෙලා, Auto Edit වෙන්න වගේ පට්ටම Automation සෙට් එකක් හදන්න පුළුවන්.

3. Scriptable (iOS – Free)

iPhone එකට කෝඩ් ලියමු!

කරන දේ : Apple Shortcuts වලින් කරන්න බැරි දේවල්, කෙළින්ම JavaScript (ES6) කෝඩ් ගහලා iOS Native APIs වලට කනෙක්ට් කරන එක.

මේකෙන් පුළුවන් ඔයා ලියන JS කෝඩ් එක, කෙළින්ම iOS File System එකට, Siri එකට වගේම iOS Share Sheet එකට කනෙක්ට් කරන්න (Bridged APIs).

ප්‍රයෝජනය : Safari එකේ තියෙන ආටිකල් එකක් එක පාරින්ම තෝරලා, ඒකේ තියෙන ෆොටෝස්, ටෙක්ස්ට් ඔක්කොම වෙන් කරලා, ලස්සන Story Card එකක් විදිහට Auto හදාගන්න පුළුවන්.

4. Data Jar (iOS – Free)

Apple Shortcuts වලට මොළයක්!

කරන දේ : Shortcuts වලින් හදන Auto-scripts වලට, ඩේටා සේව් කරලා තියාගන්න (Global Variables) ඩේටාබේස් එකක් දෙන එක.

මේක JSON Data Store එකක් විදිහට වැඩ කරන්නේ. iCloud හරහා Offline Sync වෙන නිසා ඔයා හදන Automation පට්ටම Speed.

5. Texpand – Text Expander (Android – Free/Pro)

ටයිපින්ග් රජෙක් වෙමු!

කරන දේ : ෆෝන් එකේ කොතැන ටයිප් කරත්, අකුරු දෙක තුනක් ගැහුවම ලොකු ඡේදයක් එකක් Auto Type වෙන එක.

මේක වැඩ කරන්නේ Android Accessibility API එක හරහා. ඒ නිසා ඔයා පාවිච්චි කරන කීබෝඩ් එක මොකක් වුණත්, WhatsApp ද, Email ද අදාළ නෑ, කොතනත් මේක වැඩ.

ප්‍රයෝජනය : උදාහරණයක් විදිහට “fbmsg1” කියලා ටයිප් කරපු ගමන්, දිග අලෙවි පණිවිඩයක් එක්කම, ඒ වෙලාවේ වෙලාව, වගේම කොපි කරපු ලින්ක් එකත් (Clipboard) Auto Type වෙනවා.

6. Viska – Private AI Voice Notes (Android/iOS – Paid)

ඉන්ටර්නෙට් නැතුව වැඩ කරන AI ලේකම්!

කරන දේ : මීටින්ග් එකකදි කතා කරන දේවල් රෙකෝඩ් කරලා, ඒක Text කරලා, ඒකෙන් සාරාංශයක් හදලා දෙන එක. (කිසිම Data එකක් Cloud එකට යන්නේ නෑ)

මේකෙ ඇතුළෙ දුවන්නේ OpenAI ලගේ ‘Whisper’ AI මොඩල් එක සහ Llama / Qwen කියන LLM මොඩල්ස්. මේ ඔක්කොම ඔයාගෙ ෆෝන් එක ඇතුළේ (On-device/Offline) රන් වෙන නිසා Privacy එක 100% ක් සුරක්ෂිතයි.

ප්‍රයෝජනය : රහසිගත මීටින්ග් එකක් රෙකෝඩ් කරලා, ඊටපස්සේ “මේකෙදි බොස් කිව්ව ප්‍රධාන කරුණු 3 මොනවද?” කියලා AI එකෙන් අහන්න පුළුවන් (Airplane Mode එකේ ඉඳන් වුණත්)

TECH SONA

Share This Article