එක්සත් ජනපදයේ ප්‍රාන්ත සහ කලාප 52ක නීතිපතිවරුන් (Attorneys General) සමඟ අතිශය තීරණාත්මක එකඟතාවකට එළඹ තිබෙනවා..
වයස අවුරුදු 18ට අඩු teenage usersලා Instagram සහ Facebook භාවිත කිරීමේදී ඔවුන්ගේ මානසික සුවතාව සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා by default සක්‍රීය වන දැඩි ආරක්ෂක රෙගුලාසි සහ Parental Controls ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය වී ඇත..
අධිකරණ අනුමැතියට යටත්ව ඉදිරි වසර 10ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි සකස් කර ඇති මෙම නව පියවර යටතේ, වයස අවුරුදු 18ට අඩු ගිණුම් සඳහා දිනකට පැය 2ක Daily Time Limit එකක් හිමිවන අතර, දෙමාපියන්ගේ අවසරයකින් තොරව එය වෙනස් කිරීමට දරුවන්ට හැකියාවක් නොමැත..
මීට අමතරව රාත්‍රී 12 සිට උදෑසන 6 දක්වා Feed, Reels හෝ Stories නැරඹීම සහ පළ කිරීම සම්පූර්ණයෙන්ම වළක්වන Night Mode පහසුකමද, පාසල් වේලාවන්හිදී (උදෑසන 8 සිට සවස 3 දක්වා) සාමාන්‍ය Notifications mute කරන School Mode පහසුකමද by default ක්‍රියාත්මක වේ..
එසේම Likes සහ ප්‍රතිචාර සැඟවීම, අධික Makeup ෆිල්ටර් අවහිර කිරීම සහ වයස 13ට අඩු අනවසර ගිණුම් ස්වයංක්‍රීයව හඳුනාගෙන ඉවත් කිරීම වැනි දැඩි නීති රැසක්ද මීට ඇතුළත් කර තිබේ..
මෙම ඓතිහාසික එකඟතාව වෙනුවෙන් වසර 10ක් පුරා වාරික වශයෙන් ගෙවීමට ඩොලර් බිලියන 18කට ආසන්න මුදලක් Meta සමාගම එකඟ වී ඇති අතර, ඉන් ඩොලර් බිලියන 12.7ක් පමණ අදාළ ප්‍රාන්තවල youth online safety වැඩසටහන් වෙනුවෙන් වෙන් කෙරේ..
තරුණ පරපුර සමාජ මාධ්‍ය රැසක් අතර නිරන්තරයෙන් හුවමාරු වන බැවින්, එක් platform එකක පමණක් සීමා පැනවීමෙන් පූර්ණ රැකවරණයක් නොලැබෙන බව පවසන Meta සමාගම, මෙම ආරක්ෂක සම්මතයන් ක්‍රියාත්මක කරන ලෙස TikTok සහ YouTube වෙතින්ද විවෘත ඉල්ලීමක් කර තිබෙනවා..
උපුටා ගැනීම : Dinith Maleesha
