Air, Space and Cyber සමුළුව අමතමින් එක්සත් ජනපද ගුවන් හමුදා ලේකම් Troy Meink ප්‍රකාශ කළේ, සතුරු ක්‍රියාකාරකම් හමුවේ ඒකාබද්ධ හමුදාව ආරක්ෂා කළ හැකි “On-orbit space control weapons” පද්ධති මේ වන විටත් තමන් සතුව පවතින බවයි..
කෙසේ වෙතත්, මෙම අවිවල වර්ගය, ප්‍රමාණය, තාක්ෂණික හැකියාවන් හෝ ඒවා කක්ෂගත කළ දිනයන් පිළිබඳව කිසිදු වැඩිදුර තොරතුරක් හෙළිදරව් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළා..
එක්සත් ජනපද Space Force ප්‍රකාශකයෙකු සඳහන් කළේ, “Space control” යනු සතුරු පාර්ශවයන්ගේ අභ්‍යවකාශ හැකියාවන් අඩපණ කිරීමට හෝ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට Kinetic සහ Non-kinetic යන ක්‍රමවේදයන් ද්විත්වයම භාවිත කිරීම බවයි. මේවා Defensive මෙන්ම Offensive අරමුණු වෙනුවෙන්ද යොදාගත හැක..
1967 Outer Space Treaty මඟින් අභ්‍යවකාශය තුළ මහා විනාශකාරී අවි තහනම් කර ඇතත්, අනෙකුත් සාම්ප්‍රදායික අවි ආයුධ තහනම් කර නැහැ..
රුසියාව සහ චීනය අභ්‍යවකාශ අවි නිපදවන බවට ඇමරිකාව දීර්ඝ කාලයක් තිස්සේ අනතුරු ඇඟවුවද, තමන් සතු අභ්‍යවකාශ ප්‍රහාරක හැකියාවන් නිල වශයෙන් තහවුරු කළ පළමු අවස්ථාව මෙය ලෙස සටහන් වෙනවා..
සන්නිවේදන, නාවික සහ ඔත්තු බැලීමේ චන්ද්‍රිකා ආරක්ෂා කරගැනීම මෙන්ම, සැලසුම් කර ඇති “Golden Dome” මිසයිල ආරක්ෂණ පද්ධතියේ කොටසක් ලෙසද මෙම පියවර ක්‍රියාත්මක වන අතර, අනාගත අභ්‍යවකාශ යුධමය තත්ත්වයකට මුහුණ දීමට ඇමරිකාව සූදානම් බවට සතුරන්ට දුන් පැහැදිලි සංඥාවක් ලෙස මෙය සැලකේ..
Dinith Maleesha
