hot wallets ඉලක්ක කර එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරය එක රැයකින් සිදු වූ හදිසි ප්‍රහාරයක් නොවන බව Binance ආයතනය පවසනවා.. එය මාස ගණනාවක් පුරා අතිශය සූක්ෂ්මව සැලසුම් කර පියවරෙන් පියවර ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමක් බව ඔවුන් හොයාගෙන තියෙනවා.. ![]()
2026 ජූනි මාසයේදී Binance එකේ Wallet DevOps ඉංජිනේරුවරයෙකු (Engineer A) Homebrew එකෙන් AI coding tool එකක් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා.. ඒත් මේ ඩවුන්ලෝඩ් කරගත්ත පැකේජ් එක හැකර් කණ්ඩායම විසින් වෙනස් කරපු එකක්.. හැබැයි Binance’s security team එක මේ අවුල හඳුනාගෙන ඔහුගේ PC එක මාරු කරලා credentials අලුත් කිරීමට පියවර අරගෙන තියෙනවා.. හැබැයි ඒ වෙද්දිත් wallet infrastructure කණ්ඩායම තුළ ඔහුගේ කාර්යභාරය සහ අභ්‍යන්තර සබඳතා ප්‍රහාරකයින් වෙත නිරාවරණය වෙලා ඉවරයි..
ඒ වගේම 2026 වසර පුරාම උතුරු කොරියාවට සම්බන්ධ බවට සැකකෙරෙන මෙවැනි සයිබර් ප්‍රහාර උත්සාහයන් 57ක් ව්‍යර්ථ කිරීමට Binance ආරක්ෂක කණ්ඩායම සමත් වෙලා තියෙනවා.. fake job interviews, malware disguised as developer tools, compromised packages, browser extensions, and fake video-conferencing apps වගේ දේවල් වලින් හැකර්ස්ලා දිගින් දිගටම පද්ධතියට රිංගීමට උත්සාහ දරා තිබුණා..
2026 සැප්තැම්බර් වලදි ප්රමුඛ රැකියා වේදිකාවක් ඔස්සේ Project Director කෙනෙක් ලෙස පෙනී සිටිමින් තවත් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු (Engineer B) ඉලක්ක කරගැනීමට හැකර්වරුන් කටයුතු කරලා තියෙනවා.. (Social Engineering ඇටෑක් එකක්) විශ්වාසය දිනාගැනීම සඳහා පෞද්ගලික ඡායාරූප හා වීඩියෝ පවා බෙදාගත් ව්‍යාජ HR නියෝජිතයෙකු සමඟ පළමු වටයේ වීඩියෝ සම්මුඛ පරීක්ෂණයක්ද පවත්වා තිබෙනවා.. දෙවන වටයේදී coding assignment එකක් ලෙස ලබාදුන් ෆයිල් එකක අතිශය සංකීර්ණ zero-day malware එකක් සඟවා තිබූ අතර, එය නීත්‍යානුකූල development tool එකක් (pyenv) වෙනුවට ආදේශ වී, ප්‍රහාරක සර්වර් සමඟ සබඳතා ගොඩනඟා ගනිමින් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොවන සේ ක්‍රියාත්මක වෙලා තියෙනවා.. ඒ දවස් වල Binance එකේ තිබුන Endpoint security ටූල් වලට පවා මේක අහු වෙලා නැහැ..
ඔක්තෝබර් 20 වෙනිදා Engineer B ගේ පරිගණකය සහ අභ්‍යන්තර AI ටූල් එකක් උපයෝගී කරගනිමින්, අනතුරුව Wallet DevOps Engineer A සහ තවත් Wallet මෘදුකාංග ඉංජිනේරුවරයෙකු (Engineer C) වෙත ප්‍රවේශ වීමට හැකර්ස්ලා සමත් වෙලා තියෙනවා.. එහිදී Engineer A ගේ පරිගණකයේ තවමත් container-deployment permission token එකක් ඉතිරිව ඇති බව ඔවුන් සොයාගෙන තියෙනවා..
මේ විදිහට මාස ගාණක ඉඳන් හිමින් සැරේ ලෑස්ති වුන හැකරයෝ(
) ඔක්තෝබර් 29 වෙනිදා UTC වේලාවෙන් 17:15 ත් 19:56 ත් අතර කාලය තුළ Engineer C ගේ පරිගණකයට පිවිස, Engineer A ගෙන් සොරකම් කළ credentials භාවිත කරමින් container එකක් deploy කරලා තියෙනවා.. ඉන්පසු Binance හි අභ්‍යන්තර wallet signing සේවාව ඉලක්ක කර script එකක් රන් කරලා තියෙනවා..
UTC 20:05 – 20:09 අතර hot wallets 5කින් XRP මිලියන 233.46ක් ප්‍රහාරක ලිපිනයකට බැර කරගෙන තියෙනවා.. ඒ සමඟම Solana සහ Optimism hot wallets මඟින් ආසන්න වශයෙන් SOL 970,500ක් සහ OP මිලියන 44.2ක්ද, මඳ වේලාවකට පසු BTC 18,270ක්ද එළියට ඇදලා තියෙනවා..
Ethereum වල EIP-7702 කියන විශේෂාංගය ප්‍රයෝජනයට ගත් හැකරයෝ ගිණුමේ nonce වෙනස් කරමින් signing transactions 50ක් මඟින් Binance hot wallet එකක ක්‍රියාකාරී බලතල තම smart contract එකක් වෙත පවරා ගෙන තියෙනවා.. මෙම අවසරයන් on-chain තුළ සක්‍රීයව පැවති බැවින්, Binance විසින් withdrawals අත්හිටුවීමෙන් පසුවත් දිගින් දිගටම ගනුදෙනු සිදු කිරීමට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා.. අවසන් අනවසර හුවමාරුව වූ ETH 2,961.9ක මුදල UTC 23:56 ට on-chain හරහා තහවුරු වෙලා තියෙනවා..
[EIP-7702 allows an account to delegate certain execution rights to a smart contract without exposing the private key. In this case, the attacker used that mechanism to give an attacker-controlled smart contract partial execution rights over a Binance hot wallet. ]
ප්‍රහාරය මැඩපැවැත්වීම සඳහා ඔක්තෝබර් 30 වන දින UTC 00:10 ට Binance14 hot wallet එකෙන් zero address එක වෙත නව authorization එකක් නිකුත් කරමින් ඒ EIP-7702 delegation කෝඩ් එක ඉවත් කිරීමට Binance සමත් වෙලා තියෙනවා.. Hot wallets සඳහා Multi-Party Computation (MPC) ආරක්ෂණ ක්‍රමවේදය භාවිත කර තිබූ බැවින්, ක්ෂණිකව අවසරයන් අවලංගු කළ හැකි තනි private key එකක් නොතිබූ අතර, විශේෂිත revocation ක්‍රියාවලියක් සකස් කර ධාවනය කිරීමට සිදුවීම පද්ධතිය මුළුමනින්ම පාලනය කිරීමට ගතවන කාලය දීර්ඝ කිරීමට හේතු වෙලා තියෙන බව Binance සමාගම පවසනවා..
රාජ්‍ය අනුග්‍රහය ලත් සංවිධානාත්මක සයිබර් කල්ලි විසින් ක්‍රිප්ටෝ සහ තාක්ෂණික පද්ධති බිඳහෙළීම සඳහා AI මෙවලම් සහ මාස ගණනාවක් දිවෙන Social Engineering ඇටෑක් කෙතරම් බියකරු ලෙස භාවිත කරන්නේද යන්න මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වෙනවා..
[මේ ගැන ෆුල් විස්තරය Binance, එයාලගේ X එකේ දාලා තියෙනවා. කැමති අය ගිහින් කියවන්න]
Dinith Maleesha
