Google ලා මදුරුවෝ හදනකොට NVIDIA ගෙවල් වල Data centers හදන්න අරං..
ඇත්තටම තමන්ටම කියලා data center එකක් ඕනෙද?![]()
හැමෝම දන්න seen එකක් තමයි ලෝකේ පුරාම AI Data Centers හදන්න ලොකු ගේමක් දෙනවා කියලා. පහුගිය ටිකේ Meta , google , AWS වල news දැක්කා නම් බලාගන්න පුළුවන් ඉන්න මිනිස්සුත් අයින් කරලා මෙව්වට Invest කරපු විදිය..!
මෙව්වා හදන්න අහසේ බෑනේ බං. SpaceX DC එක ඇරෙන්න , කියන්න බෑ එවත් හදයි මේ යන විදියට.
කේස් එක මෙව්වා හදන්න ලොකු ඉඩම් ඕනේ, අවුරුදු ගණන් යනවා, අනික ඒවට ඕනේ කරන කරන්ට් එක දෙන්න Power Grids වලටත් අමාරුයි..!
ලංකාවේ වගේ දෙන්න ගියොත් කෙලින්ම ආණ්ඩු වලට වෙනම tax එකක් ගහන්න ඕනේ එක ගෙදර ගානේ. ![]()
ඉඩකඩම් කේස් එක හින්දා මේ පාර Nvidia සමගම විසින් XFRA Units කියලා අලුත් Project එකක් පටන් අරන් තියෙනවා ගෙවල් වල බිත්ති වලම “Mini Data Centers” හදන්න..!
නියමයි නේද?
වැඩ නැතිවට !
මේකට Span , Nvidia , PulteGroup කියන පාර්ශව 3ම එකතු වෙලා තමා මේක පටන් අරන් තියෙන්නේ..!
සාමන්‍ය මෙයාලා කියන විදියට ඇමරිකාවේ ගෙදරක එයාලට රජයෙන් වෙන් කරලා දෙන කරන්ට් එකෙන් පාවිච්චි කරන්නේ 40% ක් වගේ පොඩි ප්‍රමාණයක්..
ඉතුරු ටිකට අර නිකන් තියෙන ඉතුරු කරන්ට් එක use කරලා Smart Electrical Panel එකක් ගෙදර පිටිපස්සේ බිත්තියේ AC Outer Unit වගේ පොඩි box එකක් හයි කරනවා. මුන් කියන විදියට අන්න ඒක තමයි mini Fractional Data Center එක.!
පෙට්ටි කිව්වට මේක Nvida ලගේ product එකක්. මේකේ ඇතුලේ තියෙන්නේ Nvidia ලගේ අලුත්ම, Liquid-Cooled Nvidia RTX PRO 6000 Blackwell Server Edition GPUs 16 ක්.!
මේකේ ටිකේ ගාන විතරක් ඩොලර් ලක්ෂ 5ක් විතර වෙනවා කියලා මෙයාලා කියනවා. සාමාන්‍ය මෙගාවොට් 100 ක ලොකු Data Center එකක් හදනවට වඩා 6 ගුණයකින් වේගයෙන් සහ 5 ගුණයකින් අඩුවෙන් මේ වැඩේ කරන්න පුළුවන්…
මේකෙන් මොකක්ද තියෙන මිනිස්සුන්ට වාසිය? අපිට වැඩ ගන්නද හදන්නේ?
මෙයාලා කියන විදියට,
Span Smart Panel එකක් සහ Backup Battery system එකක් නොමිලේම හම්බෙනවා.
මුළු ගෙදරටම යන කරන්ට් බිල සහ Internet බිල ඔක්කොම Span Company එකෙන් ගෙවනවා.
එකත් මරු නේද.. !
හැබැයි මෙව්වගෙ Risk එකකුත් නැතුවම නෙමේ. හොරුන්ට එක රැයෙන් පෝසත් වෙන්න කියපු භාණ්ඩේ . එකක් ගලවන් ගියා නම් ඇති. ![]()
Safe online ![]()
උපුටා ගැනීම : Dilsara Sandun
