WhatsApp එක ඔවුන්ගේ සාමාන්‍ය Football Emoji එක, මෙවර 2026 ලෝක කුසලාන තරඟාවලියේ නිල තරඟ පන්දුව වන “Trionda” පන්දුව විදිහට වෙනස් කරලා තියෙනවා.. ඒ වගේම අපි WhatsApp එකේ emoji tab එක නැතුව වෙන third party keyboard එකක Football Emoji එක ක්ලික් කළත්, එය automatically Trionda පන්දුව වෙල මාරු වෙනවා..
එමෙන්ම මේ ඉමෝජි එක Chat එකක් ඇතුළේ තනිවම send කළ විට, එය Screen එකේ Bounce වන ඇනිමේෂන් එකකුත් බලාගන්න පුලුවන්..
මෙවර ලෝක කුසලානය පවත්වන සත්කාරක රටවල් තුන වන ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව නියෝජනය වන පරිදි රතු, කොළ සහ නිල් වර්ණවලින් හැඩවූ මෙම Trionda පන්දුව, මේ වන විටත් ලොව පුරා බිලියන සංඛ්‍යාත WhatsApp පරිශීලකයන්ගේ චැට් සංවාද, ජයග්‍රාහී සැමරුම් සහ අනාවැකි මැදට ලෝක කුසලාන උද්යෝගය සෘජුවම රැගෙන ඒමට සමත්ව තිබෙනවා.. ![]()
උපුටා ගැනීම : Dinith Maleesha
