ගෝලීය සම්පත් අපතේ යැවීමක් බවට OpenAI ප්‍රධාන විධායක නිලධාරී Sam Altman කළ ප්‍රකාශය තාක්ෂණික ලෝකය තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා..
මෑතකදී Cheeky Pint පොඩ්කාස්ට් එකකට එක්වෙමින්, AI මොඩල් cloud මත යැපීමකින් තොරව තම පුද්ගලික පරිගණක තුළම locally රන් කිරීමට පරිශීලකයින් දක්වන උනන්දුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, සීමිත DRAM සම්පතෙන් විශාල ප්‍රමාණයක් සාමාන්‍ය මිනිසුන්ගේ පරිගණකවල තබාගෙන එයින් 5%ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් ප්‍රයෝජනයට ගැනීම ඉතා අකාර්යක්ෂම ක්‍රියාවක් බවයි..
ඒ වෙනුවට, පවතින හිඟයට පිළියමක් ලෙස මෙම memory ධාරිතාවන් Cloud Data Centers තුළ උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිත කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා..
කෙසේ වෙතත්, මේ වන විටත් AI ඩේටා සෙන්ටර්ස් වල දැවැන්ත ඉල්ලුම හේතුවෙන් ලොව පුරා බරපතල RAM හිඟයක් හටගෙන ඇති අතර, නිෂ්පාදකයින් සර්වර් සහ ඉහළ මට්ටමේ චිප්ස් වෙත මුල්තැන දීම නිසා සාමාන්‍ය PCs, Laptops සහ Gaming Consoles වල මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යමින් පවතිනවා..
මෙවන් පසුබිමක OpenAI වැනි දැවැන්ත සමාගම් ගෝලීය DRAM නිෂ්පාදනයෙන් විශාල කොටසක් තමන් සතු කරගනිමින්, සාමාන්‍ය ජනතාවගේ දෘඩාංග භාවිතය විවේචනය කිරීම උපහාසාත්මක මෙන්ම ආත්මාර්ථකාමී තර්කයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වෙනවා..
පුද්ගලික වාහනයක් භාවිත කිරීම අකාර්යක්ෂම යැයි පවසමින් සැමට පොදු ප්‍රවාහනය පමණක් භාවිත කිරීමට බලකිරීම වැනි තර්කයකට මෙය සමාන කරමින් බොහෝ දෙනා ප්‍රතිචාර දක්වා තිබෙනවා..
මෙම මතභේදය හරහා වර්තමාන AI යුගයේ පවතින ප්‍රධානතම අර්බුදයක් යළි කරළියට පැමිණ තිබෙනවා.. එනම්, බලය සහ දත්ත මධ්‍යගත සර්වර්ස් කිහිපයකට සීමා කර දැවැන්ත ආයතන සතු කරගන්නවාද, නැතහොත් පරිශීලකයාට තමන්ගේම පද්ධතිය සහ පෞද්ගලිකත්වය කෙරෙහි පූර්ණ පාලනය තබාගැනීමට ඉඩ දෙනවාද යන්නයි..
Dinith Maleesha
