ඔබේ ස්මාට්ෆෝන් එකට ඇවිත් තියෙන අලුත් AI මෙවලම් ගැන දැනගමු
AI තාක්ෂණයන් ප්‍රචලිත වන්නට පටන් ගෙන තවම වසරකට මදක් වැඩි කාලයක් පමණක් ගත වී තිබේ. එනමුත්, AI යනු ලෝකයට නුහුරු නුපුරුදු වචනයක් නොවේ. AI තාක්ෂණයන් දියුණු කිරීම ආරම්භ වී මේ වන විටත් අඩ සියවසකට වැඩි කාලයක් ගත වී තිබේ. එසේම හොලිවුඩ් චිත්‍රපට ඔස්සේ, නැතිනම් විද්‍යා ප්‍රබන්ධ කතා ඔස්සේ අප දුටු කෘත්‍රිම බුද්ධිය යනු, අපට අපගේ ජීවිත කාලය තුළ අත්දකින්නට, පාවිච්චි කරන්නට හැකි වෙතැයි සිතූ ආකාරයේ තාක්ෂණයන් නොවේ.
නමුත් වර්තමානය වන විට AI සම්බන්ධයෙන් අපගේ තිබූ ආකල්පයන් පවා වෙනස් වී ඇති අතර, AI යනු ඕනෑම අයකුට භාවිතා කළ හැකි තාක්ෂණයන් බවට වර්තමානයේ අප අත්දකින AI මෙවලම් අප වෙත යළි යළිත් තහවුරු කර තිබේ.
AI මෙවලම් වලට, අපගේ එදිනෙදා ජීවිතය වෙනස් කිරීමට කළ හැකි අති දැවැන්ත බලපෑම සම්බන්ධයෙන් පසුගිය වසර වන විටත් අපට හැඟීමක් තිබුණත්, එය ප්‍රායෝගිකව අත්දකින්නට අපට හැකි වූයේ, නොමිලේ ලබාදෙන AI සේවාවන් ඕනෑම අයෙකුට විවෘත වීමත්, එදිනෙදා ජීවිතයේ අපගේ ශරීරයේ කොටසක් මෙන් දැනෙන ස්මාට්‍ෆෝනයන් වෙතටද AI තාක්ෂණයන් ඔස්සේ බලගැන්වෙන යෙදුම් පැමිණීමත් සමඟයි.
මේ වන විටත් ඔබ අත ඇති ස්මාට්ෆෝනය වෙතට එක්කෝ පැමිණ ඇති, නැතිනම් ඩවුන්ලෝඩ් කරගත හැකි, ඔබේ වැඩකටයුතු පහසු සහ කාර්යක්ෂම කරදීමට හැකියාව තිබෙන, ඔබ නොදන්නා AI තාක්ෂණයෙන් බල ගැන්වුණු යෙදුම් කිහිපයක් අපි මෙසේ ලැයිස්තුගත කරමු.
01. Grammarly
ඔබට ඉංග්‍රීසියෙන් යම් යම් දේ ලියන්නට සිදුවන්නේ නම්, ඔබ ලියන අකුරු වල අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ සම්බන්ධයෙන් එතරම් විශ්වාසයක් නැතිනම්, ඔබට ගැලපෙනම ලිවීම් සහකරු වන්නේ Grammarly යැයි කීම වැරදි නොවේ. එපමණක් නොව ඔබ ලියන දේවල් වල නිරවද්‍යතාවය පමණක් නොව, එය වඩාත් පැහැදිලිව සන්නිවේදනය කළ හැක්කේ කෙසේද යන්න පවා ඔබට කියා දෙන සහකරු වන්නේ Grammarly යි. කෙසේ වුවත් මේ වන විට, AI තාක්ෂණය Grammarly වෙතද පැමිණ ඇති අතර, ඔබ ලියන දෙයෙහි හරි වැරදි බැලීමෙන් ඔබ්බට ගොස්, ඔබට ලියන්නට අවශ්‍ය කුමක්දැයි පැවසූවිට එය ලියා දෙන්නට පවා මේ වන විට Grammarly සමත් වී තිබේ. කෙසේ නමුත්, Grammarly හි වඩාත් දියුණු විශේෂාංගයන් නොමිලේ ලබා නොදුන්නත්, එහි නොමිලේ ලබාදෙන සංස්කරණය පවා ඔබගේ ලිවීම දියුණු කරන්නට සෑහෙන වැඩකටයුතු කොටසක් ඉටුකොට දෙනු ඇත.
ඇප් එක ලබා ගැනීම සඳහා: https://play.google.com/store/search?q=grammarly&c=apps&hl=en
02. ClickUp
ඔබට ව්‍යාපෘති කළමනාකරණය සඳහා සොයාගත හැකි විශිෂ්ටතම ඔන්ලයින් සේවා සපයන්නෙකු ලෙසින් ClickUp හැඳින්වීමේ වැරැද්දක් නොමැත. විශේෂයෙන්ම ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකි ඩෑෂ්බෝඩයන්, කණ්ඩායමට කිසිදු ප්‍රමාදයක් නොමැතිව එම මොහොතේම චැට් කළ හැකි පහසුකම්, ව්‍යාපෘතියක සියළුම අංගයන්, සියලුම කාර්යයන් පහසුවෙන් අධීක්ෂණය කළ හැකි වීම වැනි පහසුකම් නිසාවෙන් මේ වන විට ClickUp බොහෝ ජනප්‍රිය වී තිබේ. ඔබත් ClickUp භාවිතා කරන්නේ නම්, ඔබට දැකිය හැකි වනු ඇත්තේ, ඔබේ ව්‍යාපෘති කළමනාකරණය අතිශයින්ම සරල සැහැල්ලු එකක් කර දීමට මේ වන විට AI තාක්ෂණයද ClickUp හා මුසුව ඇති බවයි. ClickUp Brain ලෙසින් හැඳින්වෙන මේ ඔස්සේ, ඔබට ඔබේ කාර්යයන් සිදු කිරීමේදී විශාල කාලයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.
ඇප් එක ලබා ගැනීම සඳහා: https://play.google.com/store/search?q=clickup&c=apps&hl=en
03. Canva
අතීතයේදී ඔබට යම් කිසි ග්‍රැෆික් නිර්මාණකරණ පසුබිමක් නොමැති නම් අභියෝගයක් වූ බොහෝ කරුණු වර්තමානය වන විට ඉතාමත්ම පහසුවෙන් ඉටු කර ගැනීමට මෙවලම් තිබේ. නමුත් මෙම විප්ලවයට පුරෝගාමී වූ අයෙකු ලෙසින් Canva හැඳින්වීම වැරදි නැත. මේ වන විටත් ඔබට අවශ්‍ය සෝෂල් මීඩියා පෝස්ට් එකක් නිර්මාණශීලීව සකසා ගැනීමේ සිට, මුද්‍රණය කිරීමට පෝස්ටරයක් නිර්මාණය කර ගැනීම දක්වා, ඔබට අවශ්‍ය ප්‍රසන්ටේෂන් එකක් නිර්මාණය කර ගැනීමේ සිට ඔබේ නව රැකියාවට ආකර්ෂණීය ජීවදත්ත සටහනක් සාදා ගැනීම දක්වා බොහෝමයක් කටයුතු වඩාත් පහසුවෙන් සහ නිර්මාණශීලීව ඉටු කර ගැනීමට හොඳම තැන ලෙසින් Canva හැඳින්විය හැකි වේ. කෙසේ වුවත් මේ වන විට AI උමතුව Canva වෙතටද පැමිණ තිබෙන අතර, Canva හි AI මෙවලම් සියල්ලම ඇති මෙවලම් මල්ල ලෙසින් Magic Studio හැඳින්විය හැක. මෙම AI මෙවලම් වෙතින් ඔබගේ නිර්මාණයන් වඩාත් දියුණු කර ගැනීමට අවශ්‍ය දේ යෝජනා කිරීමේ සිට, ඔබේ සිතේ තිබෙන නිර්මාණය AI හරහා නිමවා ගැනීම දක්වා පහසුකම් ඔබට Canva Magic Studio හි සොයා ගැනීමට හැකි වනු ඇත.
ඇප් එක ලබා ගැනීම සඳහා: https://play.google.com/store/search?q=canva&c=apps&hl=en
04. Gemini
ඔබ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියකින් බලගැන්වුණු ස්මාට්ෆෝනයක් හෝ ටැබ්ලට් උපාංගයක් භාවිතා කරන්නේ නම් ඔබට Google Assistant යනු නුපුරුදු කෙනෙකු නොවේ. මින් පෙර ඇන්ඩ්‍රොයිඩ් පද්ධති සඳහා හඳුන්වා දී තිබූ ස්මාට් සහකරු වූ Google Assistant හට ඔබේ කාර්යයන් පහසු කිරීමට කළ හැකිවූ දේ බොහෝමයකි. කෙසේ නමුත් මේ වන විට ස්මාට් මෙවලම් බොහෝමයක් AI මෙවලම් බවට පරිවර්තනය වන බව අපට පෙනේ. ඒ අනුව, එතරම් පැරණි නැති ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නවුන්ට මෑතකදී ලැබුණු අත්දැකීම වූයේ, ගූගල් සමාගමේ AI පද්ධතිය වන Google Gemini, Google Assistant වෙනුවට කරලියට පැමිණ සිටින බවයි. ඔබට Google Assistant වෙනුවට Google Geminiභාවිතා කිරීම තෝරාගැනීමට හෝ Google Gemini යෙදුම වෙනම ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකියාව ලැබෙන අතර, Google Assistant හට කරදීමට හැකිවූ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමටත්, Google Assistantට කරදීමට නොහැකි වූ බොහෝ කාර්යයන් පහසුවෙන් ඉටු කොට දීමටත් Google Geminiහට හැකියාව ලැබී ඇත.
ඇප් එක ලබා ගැනීම සඳහා: https://play.google.com/store/search?q=gemini&c=apps&hl=en
05. Stable Diffusion
AI යනු බොහෝ දෙනෙකු නොදන්නා, ටික දෙනෙකු පමණක් දන්නා මැජික් එකක් බවට පත්ව තිබූ 2022 අවසානය පමණ වන විට, බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගත්, එහෙත් පහසුවෙන් සිදු කළ නොහැකි වූ කර්තව්‍යයක් වූයේ AI හරහා තමන්ට අවශ්‍ය ඡායාරූපය හෝ චිත්‍රය කෙසේදැයි වචනයෙන් විස්තර කොට (text-to-image generation) තම සිතේ ඇති චිත්‍රය නිර්මාණය කර ගැනීමයි. නමුත්, මෙම චිත්‍ර සහ ඡායාරූප නිර්මාණය විශාල වශයෙන් පහසු දෙයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ සේවාවක් ලෙසින් අපට Stable Diffusion හැඳින්වීමට හැකියාව තිබේ. එපමණක් නොව, තවමත් Creative AI Image Generation සේවාවන් අතර, වඩාත් විශ්වාසය තැබිය හැකි, ඉහළ ගුණාත්මක තත්වයේ AI චිත්‍ර සහ ඡායාරූප නිර්මාණය කර දෙන මෙවලමක් ලෙසින් Stable Diffusion වැජඹේ. ඔබට අදම මෙහි ඇප් එක ඩවුන්ලෝඩ් කර ගෙන, Stable Diffusion ලබා දෙන වැඩි දියුණු කළ සේවාවන් මොනවාදැයි සොයා ගත හැක.
ඇප් එක ලබා ගැනීම සඳහා: https://play.google.com/store/search?q=gemini&c=apps&hl=en
ලෝකයේ සෑම තාක්ෂණ දැවැන්තයෙකුම AI තාක්ෂණය සමඟින් ඉදිරියට යන විට, Microsoft සමාගම පමණක් පසු බැස සිටීම සිදු විය නොහැක්කකි. ඒ අනුව Microsoft සමාගම විසින් තමන්ගේ AI මොඩලය ලෙසින් Microsoft Copilot එළිදැක්වූ අතර, තමන්ගේ Windows මෙහෙයුම් පද්ධති සහ මයික්‍රොසොෆ්ට් නිෂ්පාදන භාවිතා කරන පරිශීලකයින් හට සියලු කාර්යයන් ඉෂ්ට කර දෙන AI සහායකයෙකුට වඩා, පරිශීලකයින්ට කාලය අනවශ්‍ය ලෙසට වැය වන තොරතුරු සෙවීම, තොරතුරු වර්ගීකරණය, තොරතුරු බෙදාගැනීම, තොරතුරු නිර්මාණය වැනි කටයුතු ඉටු කර දී, මිනිස් සම්බන්ධතා වලටත්, වඩාත් නිර්මාණශීලී කාර්යයන් සඳහාත් එම ඉතිරි වන කාලය යෙදවීමට පරිශීලකයින් පොළඹවන සංකල්පයකින් Microsoft Copilot නිර්මාණය වී තිබේ. මේ වන විට Microsoft සමාගමේ Bing බ්‍රවුසරය වෙතට, Windows මෙහෙයුම් පද්ධතිය වෙතට ඇතුළු බොහෝ Microsoft නිෂ්පාදන වෙත Microsoft Copilot මුසුවී ඇති අතර, ඔබ එය භාවිතා කරන්න කරන්න එහි හැකියාවන් තියුණු වන බව ඔබ වටහා ගනු ඇත.
ඇප් එක ලබා ගැනීම සඳහා: https://play.google.com/store/search?q=microsoft+copilot&c=apps&hl=en
07. ELSA Speak
ඔබට පිටරටකට යන සිහිනයක් තිබේ නම්, බොහෝ විට ඔබට ආරම්භයේදීම දැඩි අභියෝගයක් වන්නේ IELTS හෝ TOEFL වැනි ඉංග්‍රීසි භාෂාවේ හැකියාව මැන බලන විභාගයකට පෙනී සිටීම විය හැක. ඩිජිටල් ලෝකය අපගේ සැබෑ ලෝකය වෙත මුහුවී අපගේ කාර්යයන් පහසු කරන්නට පටන් ගත් කාලයට කලින් ඉංග්‍රීසි ඉගෙනුම සඳහා අපට තිබුණෙ ඉංග්‍රීසි පංති, ඉංග්‍රීසි කඳවුරු, පොත් පත් පමණක් වුවත්, මේ වන විට ඒ කාර්ය භාරයද ස්මාට් ඩිජිටල් යෙදුම් භාරගෙන තිබේ. ELSA Speak යනු ඊට උදාහරණයකි. “English Language Speech Assistant”යන්න කෙටි වී ELSA නම සෑදී ඇති අතර, නමට අනුවම ඔබට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඔබ වෙනුවෙන්ම සැකසුණු භාෂා මොඩලයන් ELSA වෙතින් ඔබට ලබාගැනීමට හැකි වනු ඇත. දැන් ELSA, AI තාක්ෂණයෙන් බලගැන්වෙන අතර, ඔබට සැබෑ පුද්ගලයෙකු හා කථා කරමින් භාෂාවක් ඉගෙන ගැනීමේ අත්දැකීම ELSA AI ඔස්සේ ලැබෙනු ඇත.
ඇප් එක ලබා ගැනීම සඳහා: https://play.google.com/store/search?q=elsa+speak&c=apps&hl=en
08. Synthesia
AI තාක්ෂණය ඔස්සේ මුලින්ම ඔබට වචනයෙන් පිළිතුරු අවශ්‍ය කරුණු දැනගැනීම, වචනයෙන් ඔබට නිර්මාණය කර දිය හැකි සෑමදෙයක්ම සැපයීම, ඔබ වචනයෙන් විස්තර කරන චිත්‍ර හෝ ඡායාරූප නිරමාණය කර දීම වැනි පහසුකම් පමණක් ලැබුණත්, ඉක්මනින්ම වීඩියෝ සංස්කරණය සඳහාද AI තාක්ෂණයෙන් බලගැන්වුණු මෙවලම් දක්නට ලැබිණි. Synthesia යනු ඊට උදාහරණයකි. බොහෝ විට වීඩියෝ සංස්කරණය යනු අතීතයේ නම් ඒ පිළිබඳව දැනුමක් නැති අයෙකුට සිදු කිරීමට හැකි වූ කාර්යයක් නොවේ. නමුත් මෙම යුගයේ එම තත්වය වෙනස් වී ඇති අතර, මිලෙන් අධික මෘදුකාංග සහ දෘඩාංග වලට ගෙවීමකින් හෝ වීඩියෝ සංස්කරණය දීර්ඝ කාලයක් වැය කොට ඉගෙන ගැනීමකින් තොරව, ගුණාත්මක භාවයටද ගැටළුවක් ඇති කර නොගනිමින් ඉටු කොට ගැනීමට Synthesia ඔබට අවකාශය සලසා දෙනු ඇත. ඔබට මෙහිදී 125 කට වැඩි AI චරිත ප්‍රමාණයක් භාවිතා කරමින් භාෂා 120 කට වැඩි ප්‍රමාණයක් ඔස්සේ වීඩියෝ නිර්මාණය කිරීමටද හැකියාව ලැබෙනු ඇත. ඔබ කළ යුත්තේ Synthesia AI වෙත ඔබට නිර්මාණය කිරීමට අවශ්‍ය වීඩියෝවේ පිටපත ලබාදීම පමණකි.
ඇප් එක ලබා ගැනීම සඳහා: https://play.google.com/store/search?q=elsa+speak&c=apps&hl=en