ඔන්න ChatGPT පාවිච්චි කරන ඔයාට සුපිරිම ආරංචියක් තියෙනවා. දැන් ChatGPT Free පාවිච්චි කරන අයටත් අලුත්ම GPT-5.6 Luna Model එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අමාරු ප්රශ්න අහන්න අලුතින්ම Think button එකකුත් හඳුන්වලා දීලා තියෙනවා.
ඔයා ChatGPT Plus හරි Pro හරි පාවිච්චි කරන කෙනෙක් නම්, ඔයාටත් අලුත් Features ලැබෙනවා. ඒ අයට updated GPT-5.6 Sol Model එකත් එක්ක අලුත් thinking effort slider එකක් දීලා තියෙනවා. මේ අලුත් Update එක වගේම අලුත් slider එක අද ඉඳන්ම Plus සහ Pro අයට පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම මේ සතිය ඇතුළත ChatGPT Free සහ Go පාවිච්චි කරන අයගේ default Model එක විදිහට GPT-5.6 Luna වෙනස් වෙන්න නියමිතයි. ඉතින් සල්ලි ගෙවන්නේ නැතුව පාවිච්චි කරන අයට මේක මාරම වාසියක්. මේ අලුත් Update එක ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් කමෙන්ට් කරන්න.
උපුටා ගැනීම : Shalinda Jayasinghe
