ඇඟිලි සලකුණු පද්ධතියක් සංවර්ධනය කිරීම මිල අධික වේ
ඇඟිලි සලකුණු පද්ධති දෘඪාංග සහ පර්යන්ත මත රඳා පවතී. ඒවා නැවත ස්ථානගත කරන්නට, අලුත්වැඩියා කරන්නට අවශ්‍ය වූ විටද වැඩි පිරිවැයක් දරන්නට සිදු වේ. මේ සඳහා භාවිතා කෙරෙන දෘඪාංගයක් හානියට ලක් වූ විට නැවත නව දෘඩාංග සඳහා ආයෝජනය කිරීම හැර වෙනත් විකල්පයක් නැත. එකම සමාගමක අංශ විවිධ ස්ථාන වල, නගර වල පිහිටා තිබේ නම් වැය වන වියදම තවත් වැඩියි. ඒ එම සෑම අංශයකටම වෙන වෙනම ඇඟිලි සලකුණු පද්ධති සවි කරන්නට සිදු වන බැවිනි.
ඇඟිලි සලකුණු දත්ත සොරකම් කළ හැකි වීම
ඇඟිලි සලකුණු පද්ධතිය දත්ත ගබඩාවක් වන අතර, ඔබගේ ඇඟිල්ලෙහි භෞතික ලක්ෂණ පිළිබඳ දත්ත ගබඩා කරයි. තනි තනි සේවකයන්ගේ දත්ත මෙයින් එකතු කර ගන්නවා. සමාගම් දත්ත හැක් කිරීමක් හෝ සොරකම් කිරීමක් සිදු වූවොත් සෑම සේවකයෙකුගේම ඇඟිලි සලකුණ පිළිබඳව දත්ත අවදානමකට ලක් වෙනවා. ඒවා බාහිර පාර්ශවයක් අතට පත් වූවොත් සෑම දෙනෙකුටම විවිධ ගැටළු පැන නැඟිය හැකියි.
ඇඟිල්ලක් තුවාල වූ විට අපිරිසිඳු වූ විට අක්‍රීය වීම
ඇඟිල්ල මත කැපුම් තුවාලයක් ඇති වූ විට එය හඳුනා ගැනීමේ ගැටළු මතු වෙනවා. ඇඟිලි සලකුණු සංවේදක සංවේදී වන නිසා අප්රිසිඳු වූ හෝ තෙල් තැවරුණු ඇඟිල්ලක සලකුණ හඳුනා ගන්නේද නැත. මේ නිසා පතල් කැණීම, ඉදිකිරීම් සහ නිෂ්පාදන වැනි කර්මාන්ත වලට සම්බන්ධ සේවකයන් සඳහා ඇඟිලි සලකුණු තාක්ෂණය යොදා ගන්නේ අඩුවෙනි. ඒ ඔවුන්ගේ දෑත් අපිරිසිඳු වීමට සහ අත්වැසුම් වැනි ආරක්ෂිත ආම්පන්න පැළඳ සිටීමට ඇති ඉඩ නිසාය.
ආයතනයෙන් පිටත රැකියා කරන පුද්ගලයන් සඳහා නොගැලපේ
සිය රාජකාරී කටයුතු සඳහා නිතර ආයතනයෙන් බැහැරට යාමට සිදු වන පුද්ගලයන් සඳහා මෙය සාර්ථක ක්‍රමයක් නොවේ. සතියේ දවස් වලින් වැඩි ප්‍රමාණයක් පිටත ගත කරන්නට සිදු වන සේවකයන් සඳහා වෙනම ක්‍රමවේදයක් ඇරඹිය යුතු වේ.
නිරවද්‍යතාව අඩු වීම
මුහුණු හඳුනාගැනීමේ පද්ධති වලට සාපේක්ෂව ඇඟිලි සලකුණු පද්ධතියක නිරවද්‍යතාව අඩුය. මේ නිසා ආයතනයකට වඩාත් සුදුසු වන්නේ මුහුණු හඳුනාගැනීමේ පද්ධතියකි.
කාර්යක්ෂමතාවය අඩු වීම
මුහුණු හඳුනාගැනීමේ පද්ධතියට සාපේක්ෂව ඇඟිලි සලකුණු තාක්ෂණයේ කාර්යක්ෂමතාවය අඩුය. එය ප්‍රමාණවත් පරිදි බහුකාර්ය හෝ වේගවත් නොවේ. ඇඟිලි සලකුණු පද්ධති දෘඪාංග මත රඳා පවතින නිසා නිතරම පාහේ කාර්ය සාධන ගැටළු වලට ගොදුරු වේ. මෙම පද්ධතියේ දෘඪාංග සංරචක අධික භාවිතයත් සමඟ රත් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කාර්යක්ෂමතාව අඩු වේ.
දෝෂ
මෙම පද්ධතියේ ඉඳහිට දෝෂ ඇති වේ. ඇතැම්විට වැරදි ඇඟිලි සලකුණු වලට අනුමැතිය ලබා දෙන අතර ඇතැම්විට නිවැරදි ඇඟිලි සලකුණු ප්‍රතික්ෂේප කරයි. අනවසර පුද්ගලයෙකු පිළිගැනීම FAR දෝෂය ලෙස හඳුන්වන අතර අවසර ඇති පුද්ගලයෙකුගෙ ඇඟිලි සලකුණ ප්‍රතික්ෂේප කිරීම FRR දෝෂය ලෙස හඳුන්වයි.
උපුටා ගැනීම: tech expert
