VERSE BY VERSE
ඔබ ඔබගේ සහකරුට හෝ මිතුරෙකුට ලස්සන කවියක් ලියා යවන්න සැලසුම් කරනවාද? Verse by Verse ආධාරයෙන් ඔබට Dickinson, Whitman, Poe, Wheatley, Longfellow වැනි ප්‍රසිද්ධ කවියන් කිහිප දෙනෙකුගේ අදහස් භාවිතා කර කවියක් නිර්මාණය කර ගත හැකිය. ඔබ මුල් පදය ලියු විට මීළඟ පද සඳහා යෙදිය යුතු පද ගණනාවක් මෙම වෙබ් අඩවිය මඟින් තෝරා දෙනු ඇත.
DALL·E 2
පින්තූරයක් සකසා ගන්න උදව් ලබා ගත හැකි වෙබ් අඩවියකි. ඔබ කල යුත්තේ ඔබට අවශ්‍ය දෙය ටයිප් කිරීම පමණයි. ඔබගේ ඉල්ලීමට ගැලපෙන පරිදි පින්තූර කිහිපයක් වෙබ් අඩවිය විසින් සකස් කර ඔබට ඉදිරිපත් කරනු ලැබේ.
QuillBot AI
පැහැදිලිව යමක් ලිවිම අපහසු නම්, ඔබේ සිතේ ඇති අදහස නිවැරදිව ලියා ගැනීමට අවශ්‍ය නම්, අන්තර්ජාලයෙන් ලබා ගත් ලිපියක් වෙනත් වචන වලින් නැවත ලියා ගැනීම අවශ්‍ය නම් ඔබට මෙය භාවිතා කල හැකිය. සිතේ ඇති අදහස ලිවිය හැකි නිවැරදිම ක්‍රමය ගැන අවබෝධයක් නැති නව ලේඛකයන්ට මෙය ඉතා වැදගත් වනු ඇත.
Talk to books
මිනිසෙකු සමඟ කතා කරන අයුරින් පොත් සමඟ කතා කිරීමේ අවස්තාව ඔබට හිමි කර දෙන වෙබ් අඩවියකි. ඔබට කරන්නට තිබෙන්නේ ඔබේ සිතේ ඇති ගැටළුවක් ගැන වෙබ් අඩවියෙන් විමසීම පමණයි. එවිට වෙබ් අඩවිය විසින් ඔබට ඔබ ඇසූ ප්‍රශ්නයට සම්බන්ධ පිළිතුරු ඇති පොත් වල නම් සහ එම ස්ථාන වල උපුටා ගැනීම් ඔබ වෙත ගෙන හැර දක්වයි.
The Person Does Not Exist
මෙම වෙබ් අඩවියට ලෝකයේ කිසිදා ජිවත් නොවුණු පුද්ගලයන්ගේ පින්තුර අලුතින් නිර්මාණය කර ඔබ වෙත ලබා දිය හැකිය. ඔබ වෙබ් අඩවිය රිෆ්‍රෙශ් කරන තරමට ඔවුන් ඔබ වෙත නව පින්තුර ඉදිරිපත් කරනු ඇත.
Resemble.ai
මෙන් සිදු කරන්නේ ඔබේ අදහස් වලට වෙබ් අඩවිය විසින් හඬ කැවීමයි. යම් තැනකට ආදරණීය බවක්, කෝප සහගත බවක් එක් කල යුතුයි නම් එය ඔබ විසින් පැවසිය යුතුය. ඒ අනුව කටහඬ වෙනස් වනු ඇත.
උපුටා ගැනීම: tech expert
