ලෝකයෙන් සැඟවුණු දූපතක අමුතුම තාක්ෂණය: උතුරු කොරියාවේ “Jindallae” (ජින්ඩල්ලේ)

Mic
By Mic

අපි හැමෝම Apple, Samsung ගැන උමතුවෙන් හිටියට, ලෝකයෙන් වෙන්වුණු උතුරු කොරියානු වැසියන් පාවිච්චි කරන මේ ස්මාර්ට්ෆෝන් එක ගැන දන්නවද?🤔

“ජින්ඩල්ලේ” කියන්නේ කොරියාවේ පිපෙන ලස්සන මලක නමක් වුණාට, මේක ඇතුළේ තියෙන්නේ හරිම අමුතු “අභිරහස්” ලෝකයක්! 🤫

ඔයා මීට කලින් කවදාවත් අහපු නැති මේ දුරකථනයේ අමුතුම කතා:

📸 ඔයා නොදැනම Screen-shot වදිනවා:

මේකේ තියෙන බය හිතෙනම දේ තමයි, සෑම මිනිත්තු කිහිපයකට වරක්ම ෆෝන් එකෙන් ස්වයංක්‍රීයව Screenshot එකක් වැදීම. මේවා ඔයාට පේන්නේ නෑ, මකන්නත් බෑ! ඒවා කෙලින්ම යන්නේ රජයේ රහස් පරීක්ෂක අංශවලටයි.

🚫 Internet නෑ, තියෙන්නේ Intranet:

අපි පාවිච්චි කරන Facebook, YouTube මේකේ වැඩ කරන්නේ නෑ. ඒ වෙනුවට උතුරු කොරියාව ඇතුළේ විතරක් පාලනය වන “Kwangmyong” කියන ජාලයට විතරයි යන්න පුළුවන්.

🤖 AI හඬ පාලනය (Censorship):

වැරදිලාවත් රජයට එරෙහිව හෝ දකුණු කොරියාවට සම්බන්ධ වචනයක් ටයිප් කළොත්, මේකේ තියෙන AI පද්ධතිය ඒවා ස්වයංක්‍රීයව වෙනස් කරනවා.

💼 Sleek Design – iPhone පෙනුම:

පිටත පෙනුම iPhone එකකට ගොඩක් සමානයි! Straits Times වාර්තා කරන විදියට, මෙහි කැමරා මොඩියුලය සහ නිමාව ඉතාමත් උසස් මට්ටමක පවතිනවා.

🔺️තාක්ෂණයෙන් ඔයාට නිදහස ලැබෙනවද?

🔺️නැත්නම් ඔයාව පාලනය කරනවද?

මේක තමයි උතුරු කොරියානු විදිය! 🧐📱

Share This Article