Linux Foundation විසින් 2025 දෙසැම්බර් Agentic AI Foundation (AAIF) නම් නව consortium එක ආරම්භ කරන ලදී. Anthropic, OpenAI, Block, Amazon Web Services, Bloomberg, Cloudflare, Google සහ Microsoft වැනි ප්‍රධාන තාක්‍ෂණ සමාගම් platinum members ලෙස එක්ව ඇති, මෙම foundation එක AI agents සඳහා open standards නිර්මාණය කිරීමේ අරමුණින් පිහිටුවා ඇත.
AAIF හි ආරම්භක project තුනක් වන්නේ Anthropic හි Model Context Protocol (MCP), Block හි goose framework, සහ OpenAI හි AGENTS.md specification එකයි. MCP යනු AI models සහ agents tools, data සහ applications සමඟ සම්බන්ධ කිරීම සඳහා universal standard protocol එකකි. Goose යනු open source, local-first AI agent framework එකකි. AGENTS.md යනු AI coding agents වෙත project-specific guidance ලබා දීම සඳහා simple universal standard එකකි. 2024 නොවැම්බරයේ open source කළ MCP දැනටමත් industry standard බවට පත්ව ඇති අතර, 10,000 කට වැඩි published MCP servers පවතී.
Linux Foundation Executive Director Jim Zemlin පැවසුවේ “AI conversational systems වෙතින් autonomous agents වෙත මාරු වන නව අදියරකට ඇතුළු වී ඇති” බවයි. AAIF තුළ මෙම projects එකතු කිරීමෙන් ඒවාට transparency සහ stability සමඟ වර්ධනය විය හැකි බවත්, proprietary stacks වල “closed walls” වළක්වා ගත හැකි බවත් ඔහු පැහැදිලි කළේය. මෙම open governance model එක AI agents interoperability, safety patterns සහ best practices coordinate කිරීමට ඉඩ සලස්වයි.
උපුටා ගැනීම : pcguide
