විදුලි වාහන
බැටරි තාක්ෂණයේ දියුණුව සමඟ විදුලි වාහන ක්ෂේත්රය දියුණු විණි. විද්‍යුත් වාහනවල “නැවත ආරෝපණය කළ හැකි බැටරියක් ඇත. මෙම බැටරිවල විදුලිය ගබඩා කර ඇති අතර එමඟින් මෝටර් රථයට බලය සැපයේ. විදුලි වාහනය ඇතුළත විදුලි මෝටරයක් ඇත. ඇක්සලරේටර් පැඩලය එබූ විට, මෝටර් රථයේ රෝද කරකැවීමට සහ මෝටර් රථය ඉදිරියට ගෙන යාමට විදුලි මෝටරය බැටරියෙන් ලැබෙන විදුලිය භාවිතා කරමින් ක්‍රියාත්මක වේ. ඉන්ධන පිරවීම අවශ්‍ය නොවන අතර විදුලියෙන් ආරෝපණය කල හැකිය. මේවා දුම හෝ හානිකර වායූන් වාතයට මුදා නොහරින පරිසර හිතකාමී වාහන වර්ගයකි. සාමාන්‍ය මෝටර් රථවල එන්ජින් වලට සාපේක්ෂව විදුලි මෝටර මගින් නැගෙන ශබ්දය සහ කම්පනය අඩු නිසා රිය ඇතුලත සිටින්නනට සාපේක්ෂව වැඩි පහසුවක් දැනේ.
ස්වයංක්‍රීය වාහන
මානව මැදිහත්වීමකින් තොරව උසස් සංවේදක, කැමරා සහ මිනිසෙකු මෙන් සිතා තීරණ ගත හැකි කෘතිම බුද්ධිය භාවිතා කරමින් තනිවම ධාවනය වන වාහනයකි. රිය පැදවීමට, වේගය වෙනස් කිරීමට හෝ තිරිංග තද කිරීමට පුද්ගලයෙකු අවශ්‍ය වන්නේ නැහැ. විශේෂ සංවේදක සහ කැමරා වලට තමන් යන මාර්ගය, අවට ඇති මෝටර් රථ, මාර්ග සංඥා සහ පදිකයින් හඳුනා ගැනීමේ සහ ඊට අනුකූලව හැඩ ගැසීමේ හැකියාවක් ඇත. යා යුතු මාර්ගය සොයා ගැනීමට සහ ගමනාන්තය හඳුනා ගැනීමට උපකාර වන Navigation System එකක්ද පවතී. රෝදය මෙහෙයවීමට, පැඩල් ක්‍රියාත්මක කිරීම, ට්‍රැෆික් ලයිට් අසල නැවත්වීම වැනි කටයුතු ස්වයංක්‍රීයවම සිදු වේ. ඉතා ආරක්ෂිත ලෙස නිර්මාණය කර ඇත. සාමාන්‍ය මිනිසෙකු අතින් සිදු විය හැකි වැරදි වන මාර්ග නීති අනුගමනය නොකිරීම, වෙහෙසට පත් වීම, අවධානය වෙනතකට යොමු කිරීම, අනපේක්ෂිත තත්වයන්ට කලබල වී වැරදි ප්‍රතිචාර දැක්වීම වැනි දේ සිදු නොවේ. . මෙය අනතුරු වළක්වා ගැනීමට උපකාරී වේ.
Shared Mobility
Uber වැනි ඇප් හරහා මෙය ක්‍රියාත්මක කර ඇත. මෙහිදී සිදු වන්නේ එකම පැත්තට යන දෙදෙනෙකු එකම වාහනයක ගමන් කිරීමය. මෙය රියදුරන් සමඟ මගීන් සම්බන්ධ කරවන වේදිකාවකි. මෙමඟින් පුද්ගලික මෝටර් රථ හිමිකාරිත්වයේ අවශ්‍යතාවය අඩු කරවීම, මාර්ග තදබදය අඩු වීම, කාබන් විමෝචනය අඩු වීම, පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරීම වැනි වාසි හිමි වේ.
Hyperloop
දිගු නලයක් හෝ උමගක් මෙන් පෙනෙන සුපිරි වේගවත් බවක් ඇති ප්‍රවාහන ක්රමයකි. බටය තුල ඇති වාතය ඉවත් කර, අඩු පීඩන පරිසරයක් නිර්මාණය කර ඇති නිසා, ඒ තුල පවතින කරල් ස්වභාවයේ වාහන ඉතා වේගයෙන් වේගයෙන් පදවිය හැකිය. ගමන වේගවත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් නිෂ්පාදනය කර ඇත.
අධිවේගී දුම්රිය
අධිවේගී දුම්රිය සාමාන්‍ය දුම්රියක් වැනිය, නමුත් එය සාමාන්‍ය දුම්රියට වඩා වේගයෙන් යා හැක. අධික වේගයෙන් ගමන් කිරීමට ඉඩ සලසන විශේෂ ධාවන පථ සහ බලවත් එන්ජින් එය සතුය.
උපුටා ගැනීම: tech expert
