Samsung TriFold wows with tablet-sized display | තුනට නැවිය හැකි සැම්සුන්ග් ට්‍රයිෆෝල්ඩ්

Mic
By Mic

සැම්සුන්ග් සමාගමේ අලුත්ම  Galaxy Z TriFold ගැන මුල්ම නිරීක්ෂණ දැන් නිකුත් වෙලා තියෙනවා. CES 2026 ප්‍රදර්ශණයට පෙර පැවැත්වුණු  Samsung First Look ඉවෙන්ට් එකේදී මේක පාවිච්චි කරපු ටෙක්නොලොජි ගැන ලිපි පලකරන මාධ්‍යවේදීන් කියන්නේ, මෙහි අධික මිල සහ තරමක ඝනකම ගැන ගැටලු තිබුණත්, තිරය තුනකට නැවිය හැකි TriFold තාක්ෂණය බලාපොරොත්තු වුණාටත් වඩා ඉහළ මට්ටමක තියෙනවා කියලයි

ගිය දෙසැම්බර් 12 වෙනිදා දකුණු කොරියාවේදී ඩොලර් 2,400කට නිකුත් වුණු මේ ෆෝන් එක, අඟල් 6.5ක ස්මාර්ට් ෆෝන් එකක ඉඳන් අඟල් 10ක ටැබ්ලට් එකක් වෙනකම් දිගහරින්න පුළුවන්. මේක ඇත්තටම විප්ලවීය වෙනසක් කියලා තමයි මේ ගැන රිවීව් කරපු ගොඩක් අය කියන්නේ.

මේ TriFold ෆෝන් එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි එහි තියෙන අඟල් 10ක දැවැන්ත AMOLED ඩිස්ප්ලේ එක. ඒ වගේම මේකේ තියෙන 120Hz රෙෆ්‍රෙෂ් රේට් (refresh rate) එකත් ඉතා විශිෂ්ඨ බව මාධ්‍යවේදීන් පවසනවා.

ෆෝන් එක වැරදි විදිහට නවන එක නවත්තන්න සැම්සුන්ග් සමාගම මේකට විශේෂ ආරක්ෂිත ක්‍රම කිහිපයක්ම දාලා තියෙනවා. ඒ අතරින් ෆෝන් එක වැරදියට නවන්න යනකොට දැනෙන වයිබ්‍රේටින් ඇලර්ට් හා (haptic feedback) සහ ස්ක්‍රීන් එකේ වැටෙන අනතුරු ඇඟවීම් (on-screen alerts) ප්‍රධානයි.  

උපුටා ගැනීම: vidya-gaweshana

Share This Article