සිංගර් සමාගම සහ HP එක්ව ශ්‍රී ලංකාවේ ලැප්ටොප් සහ ප්‍රින්ටර් ක්ෂේත්‍රයේ පෙරළියකට සැරසෙයි

Mic
By Mic

සිංගර් ශ්‍රී ලංකා සමාගමHP සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. එහි තාක්‍ෂණික මාදිලි පෙළ පුළුල් කරමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට, ලොව සුපතල විශ්වසනීය පරිගණක ලබා දීමට මෙමඟින් අවස්ථාව හිමි වේ. මෙම හවුල්කාරීත්වය නිසා, HP ලැප්ටොප් සහ මුද්‍රණ යන්ත්‍ර මාදිලි රැසක් දැන් සිංගර් සමාගමේ දිවයින පුරා විහිදුණු ජාලය වෙතින් මිලදී ගැනීමේ හැකියාව මෙන්ම අලෙවියෙන් පසු සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව ද උදා වී ඇත.

පසුගිය දා කොළඹ පැවති උත්සවයකදී මෙම හවුල්කාරිත්වය නිල වශයෙන් නිවේදනය කරන ලද අතර, එහිදී සිංගර් සමාගම විසින් නවතම OmniBook ප්‍රමුඛ HP නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙන ලදී. අලුතින් හඳුන්වා දෙන ලද මාදිලි පෙළ අතරට i3, i5 සහ i7 ප්‍රොසෙසර සහිත Intel ලැප්ටොප් පරිගණක, පරිගණක ක්‍රීඩා සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති high-performance සහිත HP Victus මාදිලි පෙළ මෙන්ම නිවසේ පාවිච්චියට සහ ව්‍යාපාරික කටයුතු සඳහා භාවිතා කළ හැකි බහුකාර්ය HP මුද්‍රණ යන්ත්‍ර පෙළක් ද ඇතුළත්ය.

මෙම නිවේදනය පිළිබඳව අදහස් දක්වමින්, HP ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ – Ankur Goel, Government, MNC & New GCC, BDSL, Distribution, India Market මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාව HP සන්නාමය සඳහා වැදගත් වෙළඳපොළක්. ඉගෙනුම් කටයුතු මෙන්ම එදිනෙදා ජීවිතයට උපකාරී වන විශ්වසනීය, ඉහළ ක්‍රියාකාරීත්වයක් ඇති තාක්‍ෂණය සඳහා ඇති ඉල්ලුම වැඩි වෙමින් පවතින බව දකින්නට තිබෙනවා. සිංගර් ශ්‍රී ලංකා සමාගම ඔවුන්ගේ දිවයින පුරා වෙළඳසැල් ජාලය හරහා HP නිෂ්පාදන අලෙවි කිරීමට කටයුතු කිරීම නිසා, සමාගමේ විශ්වාසය සහ සේවා හැකියාව සමඟ, රට පුරා පාරිභෝගිකයින්ට පහසුවෙන් අපගේ නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව ගැන අපට සහතික විය හැකියි.”

වත්මන් පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති මෙම නව HP ලැප්ටොප් පරිගණක මාදිලි පෙළ, ප්‍රබල ක්‍රියාකාරිත්වයකින් සහ සිත්ගන්නාසුලු පෙනුමකින් සමන්විතය. මෙම උපාංග අලංකාර නිමාවකින් සමන්විත වන අතර වර්ණ කිහිපයකින් යුතු නිසා පාරිභෝගිකයන්ට කැමති අයුරින් තෝරා ගැනීමේ අවස්ථාව ද හිමි වේ.

“ශ්‍රී ලංකාව තුළ සිංගර් සමාගම සිදු කරන තාක්‍ෂණික හඳුන්වාදීම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා HP සමඟ අප ඇති කරගත් මෙම හවුල්කාරිත්වය ඉතා වැදගත් පියවරක් ලෙස මා දකිනවා. HP පරිගණක සහ මුද්‍රණ මාදිලි පෙළ අපගේ පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සඳහා, දිවයින පුරා විහිදුණු සිංගර් සමාගමේ සේවා ජාලයත්, දැරිය හැකි මිල සහ අලෙවියෙන් පසු සේවාවත් සමඟ ලොව සුපතල විශ්වසනීය තාක්ෂණ සන්නාමයක් අපගේ පාරිභෝගිකයන් වෙත සමීප කිරීම අපගේ අපේක්ෂාවයි.” යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේය.

පුළුල් පරාසයක විහිදුණු HP නිෂ්පාදන පෙළෙහි ඇති විශේෂත්වය සහ වටිනාකම කෙරෙහි සිංගර් සමාගම දක්වන අවධානය මෙම නව හවුල්කාරීත්වය තුළින් අවධාරණය කරයි. පාරිභෝගිකයින්ට වඩාත් නම්‍යශීලී සහ පහසු ගෙවීමේ ක්‍රම සඳහා පහසුකම් සලසා ඇති නිසා ලොව ඇති උසස් තාක්ෂණය පුළුල් පිරිසකට වඩාත් පහසුවෙන් ළඟා කර ගැනීමේ අවස්ථාව ද උදා වී ඇත. HP සමස්ත මාදිලි පෙළ, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාරවලින් සහ www.singer.lk හරහා ඕනෑම ප්‍රදේශයකට Online ලබා ගෙන්වා ගැනීමේ හැකියාව ද සලසා දී තිබේ.

උපුටා ගැනීම : අද දෙරණ

Share This Article