AGI කියන්නේ ඇත්තටම වෙන දෙයක්ද? නැත්නම් නිකම්ම හීනයක් විතරද?

Mic
By Mic

​අද අපි හැමෝම කතා කරන්නේ AGI ගැනනේ. ඒ කියන්නේ මනුස්සයෙක්ට කරන්න පුළුවන් ඕනෑම බුද්ධිමය වැඩක් ඒ විදිහටම කරන්න පුළුවන් AI එකක් ගැන. හැබැයි මේක ඇත්තටම වෙයිද? නැත්නම් අතරමග නවතියිද? අපි ටිකක් කතා කරමු මේ ගැන.

⚜️​මොකක්ද මේ AGI සීන් එක?⚜️

​දැන් අපි පාවිච්චි කරන ChatGPT වගේ ඒවට පුළුවන් එක වැඩක් සුපිරියට කරන්න. හැබැයි ඒකට බැහැ මනුස්සයෙක් වගේ හැම පැත්තකින්ම හිතන්න. AGI එකක් ආවම ඒක හරියට “ඩිජිටල් මනුස්සයෙක්” වගේ. ඒකට පුළුවන් තනිවම හිතලා අලුත් දේවල් නිර්මාණය කරන්න, ලෙඩ වලට බෙහෙත් හොයන්න වගේම තනියම software එකක් වුණත් හදන්න.

⚜️​ඉස්සරහට මොකද වෙන්නේ?⚜️ (අපේක්ෂිත කාලය)

​ගොඩක් අය කියන විදිහට මේක මෙහෙම වෙන්න පුළුවන්:

​2027 – 2030: මූලික මට්ටමේ AGI එකක් දකින්න ලැබෙයි. ඒ කියන්නේ ගොඩක් දක්ෂ software engineer කෙනෙක් කරන වැඩ ඒකට කරන්න පුළුවන් වෙයි.

​2030 – 2040: ලෝකයේ ගොඩක් රස්සා AI කරන මට්ටමට එයි. ලොකුම විප්ලවය වෙන්නේ වෛද්‍ය විද්‍යාව සහ විද්‍යාත්මක සොයාගැනීම් වල.

​2045 න් පස්සේ: AI වලට පුළුවන් වෙයි තමන්ට වඩා බුද්ධිමත් AI කෙනෙක්ව හදන්න. එතනින් එහාට මොනවා වෙයිද කියලා හිතාගන්නත් අමාරුයි.

⚜️​හැබැයි මේක නොවෙන්නත් පුළුවන්ද?⚜️

​අන්න ඒකයි වැදගත්ම දේ. හැමෝම කියනවා වගේ 100%ක්ම මේක වෙයි කියලා අපිට සහතික වෙන්න බැහැ. ඒකට හේතු කිහිපයක් තියෙනවා:

​ඩේටා ඉවර වීම (Data Wall):

AI එකක් පුහුණු කරන්න අපි ලියපු දේවල් ඕනේ. දැන් අන්තර්ජාලයේ තියෙන හැමදේම වගේ මේ වෙනකොටත් AI වලට දීලා ඉවරයි. ඉතින් අලුතෙන් ඉගෙන ගන්න දේවල් නැති වුණොත් AI එකේ දියුණුව එතනින්ම නවතින්න පුළුවන්.

​කරන්ට් එකේ ප්‍රශ්නය (Power Crisis):

මේ වගේ දැවැන්ත බුද්ධියක් පවත්වාගෙන යන්න රටකට අවශ්‍ය විදුලිය වගේ ලොකු බලශක්තියක් ඕනේ. ලෝකයේ තියෙන සම්පත් එක්ක ඒක කරන්න බැරි වුණොත් AGI කියන්නේ හීනයක් විතරක් වෙයි.

​හිතන්න තියෙන හැකියාව (Common Sense): පරිගණකයකට ගණන් හදන්න පුළුවන් වුණාට, මනුස්සයෙක්ට තියෙන “සැබෑ අවබෝධය” AI එකකට කවදාවත් ගන්න බැරි වෙයි කියලා සමහර විද්‍යාඥයෝ කියනවා. ඒක හරියට මැෂින් එකකට පණක් දෙනවා වගේ වැඩක්.

⚜️​මේක වුණේ නැත්නම් මොකද වෙන්නේ?⚜️

​යම් හෙයකින් AGI ආවේ නැත්නම්, අපිට දැනට තියෙන AI එක තව ටිකක් දියුණු වෙලා ලස්සනට තියෙයි. එතකොට:

​මනුස්සයගේ බුද්ධියට තියෙන තැන කවදාවත් නැති වෙන්නේ නැහැ.

​AI එක අපේ රස්සාව උදුරගන්නවා වෙනුවට, අපේ වැඩ ලේසි කරන tool එකක් විතරක් වෙයි.

⚜️​ලංකාවට මේකෙන් මොකද වෙන්නේ?⚜️

​AGI ආවත් නැතත්, දැනට තියෙන තාක්ෂණය වුණත් ලංකාවට ලොකු බලපෑමක් කරනවා. කෙනෙක්ට තියෙන ලොකුම අවස්ථාව තමයි මේ දියුණු වෙන AI පාවිච්චි කරලා AI එක්කම ඉසරහට යන එක. AI එකෙන් ඔයාව replace කරන්නේ නෑ හැබැයි ඔයා AI පාවිච්චි කරන්නේ නැත්නම් AI පාවිච්චි කරන අය ඔයාව replace කරයි

උපුටා ගැනීම : මුහුනුපොත (The IT Clinic )

Share This Article